lan englan tam

පුවත්

ජනප්‍රිය විලන් සහ ලවර්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
විලන් and ලවර් කියන ස්ටේජ් දෙකම හරි ලස්සනට විහිදන්න පුළුවන් ප්රවීණ රංගන ශිල්පියෙක් ඉෂාන් ගම්මුදලි කියන්නේ.

මොහු කලා දිවියට අත් පොත් තබන්නේ "රෝමියෝ ජුලියට් " වේදිකා නාටකයෙන්. ඉන් පසු විවිද සමාජ හරස්කඩ නිර්මාණයන් ඔස්සේ රංගනයෙන් දායක වූ මොහු අද වන විට විලන් හා ලවර් ඉන් වන් කැරැක්ටර් එකක් වෙලා අවසන්.

රසික හදවත් සංස්පර්ශනීය ප්රේමවන්තයෙකු ලෙස ඉෂාන් ගම්මුදලි අප අතරට එන්නේ, අප කාටත් මතක"කිදුරංගනා " ටෙලි වෘතාන්තයෙන්.
එතෙක් මෙතෙක් තුළ මොහු විසින් තමාටම ආවේණික් රංගන විලාසය හා අනන්යතාවය ඔහුට ආදරේ කරන රසිකයන් හට සියුම් නිර්මාණ තුලින් වටහා ගන්න පුළුවන්.
"මිදි කොහෙද,
නරි කියයි ද ඇත්ත "
දෙබස සමාජ ගත වීමට එකම හේතුව ඉෂාන් රංගනයෙන් දායක වුණ "මල් දෙවැට " ටෙලි නටකය යි.
විටෙක ඔහු ලංකා කලා ක්ෂේත්රය තුළ දඩබ්බරයෙක්..
ලයාන්විත චරිත හරහා මෙන් ම දුෂ්ට චරිත හරහා ප්රේක්ෂක විවේචන හා ඇගවීම් වලට ලක් වුණු මෙම රංගන ශිල්පියා,
🌹රෝමියෝ ජුලියට්
🌹මල්දෙවැට
🌹පින්කඩ සිමෝණා
🌹සපුමලී
🌹මිණිගන්දෑල
🌹උසයි සුදුයි
🌹නීල පබලූ
🌹හේමලයෝ
🌹ප්රර්ථනා
🌹අම්බලම
🌹රැල්ල වෙරළට ආදරෙයි ආදී නාට්ය හා වේදිකා නාට්ය ගණනාවක ද,
🌹ඉමක පෙම
🌹සුවද දැනුනා ජීවිතේ
🌹මායා
🌹ආකර්ෂා
🌹රුවන් තාරකා
🌹අංගාර ආදී චිත්රපාට ගණනාවක් ඇතුළු ව,
🌹රුපවාහිනී වෙළද දැන්වීම්, ආදී බොහො නිර්මාණයන් සදහා රංගනයෙන් දායක වී ඇත.
නළු නිලි වරණය සිනමාකරණය තුළ ඉතා වැදගත් දෙයක්.කිතුනු බැතිමතෙක් වන ඉෂාන් "මායා " සිනමා නිර්මාණය තුළ "හාමුදුරුවන්" ගේ චරිතයේ බෞද්ධ ආභාශය ඔහුට අවේනික ලෙස දිගහැරුම ඉතා ම ප්රසංසනීය යි.
රසිකයන් තුළ ඇති රසවිදිම්, දෘෂ්ටින් එකකට එකක් වෙනස් අතර, ඇතමෙකුට මොහු පිළිබද රසයන් මෙන් ම තවකෙකු හට බරපතල රංගන විවේචන තිබිය හැක...
නමුත් විලන් ඇන්ඩ් ලවර් වන් ස්ටේජ් කැරැක්ටර් එකක් වෙන ඉෂාන් ගම්මුදලි රංගනශිල්පියා ශ්රී ලාංකීය සම්මානනීය නළුවන් අතර සිටිය යුතු යැයි මගේ මතය යි.
මෙහි ඇතැම් අවස්ථා මා හට මග හරි තියෙන්නට පුළුවන්, එහි කඩ තොලු පිරවීම රසික ඔබ සතුයි..
ඉතිං, ඉෂාන් ගම්මුදලි රඟදරයාණනි,
ඔබට සුබ අනාගතයක් ❤️

 

රශ්මි නානායක්කාර - The Cinema People

Back to top
Go to bottom

Popular News