lan englan tam

පුවත්

'යුවතිපති' වෙතින් සිනමාගමනය කළ අධ්‍යක්ෂකගේ වසර 25ක කතාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
2024/06/25වෙනි අද දිනට වසර විසි පහක "සිනමා අධ්යක්ෂවරයා" භූමිකාව තුල තවමත් සක්රියව ක්රියා කරන ඔහු නමින් එරංග සේනාරත්න වේ.

අමරනාත් ජයතිලකගේ "යුවතිපති" චිත්රපටයේ සහාය අධ්යක්ෂණයෙන් 1991 වසරේදී සිනමා ක්ෂේත්රයට පිවිසෙන ඔහු යසපාලිත නානායක්කාරගේ "ප්රතිඥාා" චිත්රපටයේද, ගිවන්ත අර්ථසාද්ගේ ඉන්දු සයුරේ මුතුඇටය (ප්රදර්ශනය නොවු) චිත්රපටයේද සහාය අධ්යක්ෂවරයා හා ගාමිණී හේවාවිතාරණගේ ද සහාය අධ්යක්ෂවරයා විය. ඉන් පසුව ඔහු අධ්යක්ෂවරයෙකු ලෙස කළඑළි බසියි.

1999/06/25 වෙනි දින ශ්රී ලාංකීය චිත්රපට ප්ර්රේක්ෂකාගාරය උඩුයටිකුරු කරමින් "සුරයහන ගිනිගනී" නම් කාන්තා සමලිංගිකත්වය තේමා කරගත් වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිතව වු චිත්රපටය නිර්මාණය කරමින් එරංග සේනාරත්න නම් වෙනස් දැක්මක් සහිත තරුණයා තම "සිනමා අධ්යක්ෂවරයා" නම් මුද්රාව තබයි. මෙම චිත්රපටයේ තිරකතා රචකයාද ඔහුම වන අතර මෙම චිත්රපටය අති සාර්ථක ලෙස පළමු දිනම සියලු සිනමා ශාලා තුල "House Full" පුවරුව සහිතව ප්රදර්ශනය විය. තරුණ, මහළු, සියළු පිරිම් මේ චිත්රපටය පුදුම උද්යෝගයකින් නැරැඹීමට දිගු පෝළිම්වල සිටියා මතකය. මේ චිත්රපටය සදහා ජී. නන්දසේනට ජනාධිපති සම්මාන උළෙලේ හොදම කැමරාකරණය (කළු සුදු) හිමි විය.
2000දී එරංග "ගිනිගත් මධුසමය" ලෙස දෙවන චිත්රපටය ප්රදර්ශනය කල අතර එයද වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිතව තිරගත විය. මෙයද ඔහුගේම තිර රචනයකි. ජනාධිපති සම්මාන උලෙළේදී එම්. ඒ. ගෆුර් හොදම කැමරාකරණය (කළු සුදු) හා අනුෂා දමයන්ති හොදම නැගී එන නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.
2002දී "රෝස පැටික්කි" ලෙස එර්ංගගේ තෙවන චිත්රපටය වර්ණ චිත්රපටයක් ලෙස ප්රදර්ශනය කල අතර එයද වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිතව තිරගත විය. එරංගගේ තෙවන සිනමා තිර රචනය මෙය වන අතර මෙම චිත්රපටයෙන් අනතුරුව සිනමා ක්ෂේත්රයට මද විරාමයක් තබන ඔහු නැවතද රූපවාහිනි ටෙලිනාට්යයේ දෙසට යොමු වෙයි. පසුව නැවත ඔහු සිනමාවට අවතීර්ණ වන්නේ මෙතෙක් කල සියලු චිත්රපටවල තිබු වැඩිහිටි ලේබලයට නැවතිමේ තිත තබමින් වෙනස්ම ආකාරයකට වු සිනමා නිර්මාණයකිනි
2009දී "සිනාසුණා ආදරෙන්" ලෙස ඔහුගේ හතරවන චිත්රපටය තිරගත වනුයේ පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්රපටයක් ලෙසය. පළමු වරට එරංග සේනාරත්න ඔහුගේ තිර රචනයකින් තොරව චිත්රපටයක් අධ්යක්ෂණය කරන්නේ මෙම චිත්රපටයේ දීය. මෙහි තිර රචනය ලක්ෂ්මන් පුෂ්පකුමාරගෙනි. මෙම චිත්රපටයේ සියලු රූගතකිරීම් කර ඇත්තේ නුවරඑළියේ හා මාතලේ නගරයන්හීදීය.
2011දී එරංග සේනාරත්න විසින්ම නැවතද තිර රචනය ලියා "ස්වීට්ඒන්ජල්" නමින් ඔහුගේ පස්වන චිත්රපටය ද පවුලේ සැමට නැරඹීය හැකි චිත්රපටයක් ලෙස ප්රදර්ශනය කරවිය.
2015දී "නෝනේ මගේ සුදු නෝනේ" නමින් එරංගගේ තිර රචනයෙන් හැඩවු පවුලේ සැමට නැරැඹීය හැකි වු මෙම චිත්රපටය ඔහුගේ හයවන චිත්රපට ප්රදර්ශනය විය. මෙය වෙනස් සරල විනෝදාස්වාදය රැගත් කොමඩි චිත්රපටයකි.
2022දි තිරගත වු "මොනාලිසා" චිත්රපටයද එරංග සේනාරත්නගේ තිර රචනයක් වූ අතර එය ඔහුගේ මෙතෙක් භාවිතා කල සිනමා ශෛලියෙන් වෙනස් වූ රියැලිටි කැටගරියේ චිත්රපටක් විය. පවුලේ සැමට නැරැඹීය හැකි මෙය ඔහුගේ හත්වන චිත්රපට ප්රදර්ශනය ලෙස සැලකේ.
2022දී ලාංකීය සිනමාවේ ප්රථම වරට තනි අකුරේ නමක් යොදා ගනිමින් එරංග සේනාරත්න අධ්යක්ෂණය කල ඩිනලි රෝෂාන්ති සේනාරත්න තිර රචනය කල "ඈ" චිත්රපටය සිනමා ශාලා ප්රදර්ශනයෙන් බැහැරව ෆ්ලැට්ෆෝම් සිනමාව තුල ගෝලීය ප්රේක්ෂකාගාරය වෙත මුදා හරින ලද චිත්රපටයකි. මෙය ලාංකීය ෆ්ලැට්ෆෝම් සිනමාවේ පළමු චිත්රපටයයි. මෙය ඔහුගේ අට වෙනි ප්රදර්ශනයයි.
Gentlemen Love නුදුරේදීම ඔහුගේ නවවන චිත්රපටය ලෙස සිනමා ශාලා තුල තිරගත වීමට නියමිතය.
 
රෝෂාන්ති සේනාරත්න (RoSen)
25/06/2024 - The Cinema People
Back to top
Go to bottom

Popular News