lan englan tam

පුවත්

වඩේ දෙකයි, ගල් පොඩ්ඩයි, කන්සෙප්ට් එකයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ඒ 2014 වසරේ මෙවැනි දින කිහිපයකි.මා මිත්ර සහෝදර මිහිර බණ්ඩාර දිසානායක සහ මම එක්ව විවිධ නිර්මාණශීලී කරයුතු කරමින් සිටි සුන්දර කාලයකි.අප එක්ව කටයුතු කළ ඇඩ්ලක් ක්රියේෂන් ආයතනය වෙත එදවස තිරගත කිරීමට සැලසුම් කළ ඇහැලේපොළ කුමාරිහාමි චිත්රපටයේ සම්පූර්ණ ප්රචාරණ කටයුතු භාරවී තිබුණි.තරමක් වෙනස් නිර්මාණයක් වූ ඒ සඳහා නිර්මාණශීලී ප්රචාරණ කටයුතු අප විසින් සැලසුම් කරනු ලැබුවේ සවස් කාලයේ අප ආයතනයේ ඉදිරියේ අප විසින් සකසා ගත් සුදු පැහැති බංකුවට වී හීනීයට රත්වන අතරතුරදීය.මිරිස් සමඟ පොඩිවඩේ සහ ගල්වරියක් රස විඳගනිමින් අපට භාරවූ කටයුතු පිළිබඳ මෙන්ම ඉඳිරි කටයුතු පිළිබඳත් අප නිරතුරුවම කතා බහ කළෙමු.ඇතැම් දිනවලදී සහෘදයන්ගෙන් නොවරදිම අප ප්රචාරණ ආයතනයට බොහෝ දෙනා පැමිණියේ එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට අප තැන නිදහස් සුන්දර එකක් වීම නිසාමය.
මේ අතරතුර ඇහැලේපොළ කුමාරිහාමි චිත්රපටය එළි දක්වන දිනය එන්න එන්නම අත ළඟට පැමිණ තිබුණි.ඒ සඳහා අවශ්ය ප්රධාන ඡායාරූප මිහිර බණ්ඩාර දිසානායක විසින් ලබාගත් අතර චිත්රපටයේ ප්රධාන ලෝගෝවද අප විසින් සකසා නිම කර තිබුණි.
චිත්රපටය ජනගත වන දිනයේ ශ්රී ලංකාවේ ප්රධාන පුවත්පත් කිහිපයක පිටුවක දැන්වීමක් පළ කිරීමට අප විසින් කථිකා කරගත්තද ඒ සඳහා අවශ්ය පැහැදිලි නිර්මාණශීලී සංකල්පයක් ඒවනවිටද අපගේ සිත්තුළ නොවීය.
එක් රාත්රියක අප දෙදෙනා සහ අපගේ සහෝදර මිත්ර නිලන්ත සමඟ සුදු බංකුවේ කතා කරමින් සිට සමුගෙන යාමට සූදානම් වූයේ මැදියම් රැයද ඉක්මවූ පසුවය.
"හෙටවත් අපි හරි කන්සෙප්ට් එකක් ගහමු නේ බං"
යන්න එළියට බහිද්දී කීවේ මිහිරය.
මේ අපි අඬන සින් එකක් දාල කැම්පේන් එක පටන් ගමුද?මේක ඛේදවාචකයක්නේ"
යෝජනාව මගෙනි.
පත්තරේ ඇඩ්වලට පත්තරේ නම දාල වැඩක්.ගහමු.
යන්නට ගත් අඩිය නැවත නැවතුණේ ඉතිරිව තිබූ අඩිය ළඟය.
ශ්රී ලංකාවේ පුවත්පත්වල නම යොදාගනිමින් ඒ ඒ පුවත්පත් සඳහා සම්පුර්ණ පිටුවක දැන්වීම් නිර්මාණය වූයේ එසේය.
අද ශ්රී ලංකාවම කඳුලින් තෙත්වන දිනයයි.
පළමු දැන්වීම නිර්මාණය වූයේ අද පුවත්පත සඳහාය.දෙවන දැන්වීම
"අද මව්බිමම කඳුලින් තෙත්වන දිනයයි "
ලෙස නිර්මාණය වූයේ මව්බිමටය.ඉන් පසුව එදවස මුද්රණය කළ ලක්බිම,පුවත්පත සඳහා සහ ලංකාදීප,දිවයින සඳහා ද දැන්විම් නිර්මාණය විය.
උදෑසන තුන පමණවනවිට සියලු දැන්වීම් නිර්මාණය කර අවසන්වූ අතර ඒ සඳහා ඡායාරූපයක් නොව ඡායාරූපය චිත්රයක් ආකාරයට යොදාගත යුතුබව මිහිරගේ අදහස් විය.ඔහු විසින් ලබාගත් ඡායාරූප රැසක් තිබියදී එය කලු සුදු චිත්රයක් ලෙස යොදාගැනීම පිළිබඳ මාගේ කැමැත්තක් නොතිබුණි.
"මචං ෆොටෝ එක ගියොත් මගේ.වැඩේම හිට්වුණොත් අපේ"
මිහිර කීවේ එසේය.එය නිවැරදිය.නිලා විසින් සැකසූ දැන්වීම සියලු පුවත්පත් සඳහා යොමු කල අතර චිත්රපටය ජනගතවන දිනයේ එය පළකිරීම අපගේ බලාපොරොත්තුව විය.
දැන්වීම් භාරදී අප ඉතිරි කටයුතු සංවිධානය කරමින් සිටියෙමු.එදවස ලංකාවේ විශාලතම සිනමා පුවරුව වූ දෙමටගොඩ සමන්තා ශාලාවේ දැන්විම සවිකරකින් සිටියදී ඇමතුමක් ලැබුණේ මිහිරගේ දුරකථනයටය.
"මචං ලංකාදිපේ ප්රින්ට් කරන එක නවත්තලලු.අපේ ඇඩ් එකේ කේස් එකක්.ලංකාදීපයම කඳුලින් තෙත්වන දවස කියල තියෙනවනේ.
අවසානයේ ඇමතුම් රැසකට පසුව් එය නිරාකරණය කර ගැනීමට අපට හැකිවිය.
පසුදා දැන්වීම සියලු පුවත්පත්වල පිටු අතර විය.
මේ මාගේ අදහසකට අනුව අපි නිර්මාණය කළ ඒ දැන්වීම්.මතකයයි.
 
චතුර ගීතනාත් බණ්ඩාර
Back to top
Go to bottom

Popular News