එය ලබා ගැනීම සඳහා ලූෂන් බුලත්සිංහල පසුගියදා නෙළුම් පොකුණ රඟහලට ගොස් ඇතත් එහිදී එහි සිටි ආරක්ෂක නිලධාරීන් තමාට නෙළුම් පොකුණ රඟහලට ඇතුල් වීමට බාධා කර ඇති බව ලූෂන් බුලත්සිංහල සඳහන් කළේ.ලූෂන් බුලත්සිංහල නිවැරදිව හඳුනා නොගත් ආරක්ෂක අංශ නිලධාරීන් පවසා තිබෙන්නේ ඔහුගේ වාහනය පිටතින් නවතා අවශ්‍යනම් නෙළුම් පොකුණ රඟහලට ඇතුල් විය හැකි බවයි.
එහිදී වාහනය නතරකර ගැනීමට තැනක් නොතිබීම හේතුවෙන් ලූෂන් බුලත්සිංහල නැවතත් නිවස බල ගිය බවයි ඔහු පවසා සිටියේ. එහි සිටි ආරක්ෂක නිලධාරීන් තමන් හඳුනා නොගත්ත ද ප්‍රකාශ කල කරුණුවලට සවන්දිය යුතුව තිබු බවයි ලුෂන් බුලත්සිංහල පෙන්වා දුන්නේ.
එහි සිටි කිසිවකු තම ආරාධනා පත්‍රය හෝ පරීක්ෂා නොකල බව ඔහු සඳහන් කලා. මීට පෙර අවස්ථා කිහිපයකදී ද නෙලුම් පොකුණ රගහලේ පැවති උත්සවවලට ගොස් යළි හැරී ඒමට තමාට සිදුවු බවයි ප්‍රවීණ නාට්‍යවේදියා කියාසිටියේ.
එය එලෙස සිදුවන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට නොහැකි අතර ඇතැම්විට කිසියම් අයෙකු ලබාදෙන උපදෙස් මත ආරක්ෂක නිලධාරීන් එලෙස කටයුතු කරන්නට ඇතැයි ද ලුෂන් බුලත්සිංහල ප්‍රකාශ කලා.