lan englan tam

පුවත්

ටයිටැනික්ටත් වඩා රසිකයින් හඬවන සෙලීන්ගේ ජීවිතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෙලීන් ඩියෝන් සිය ජීවිතය සහ රෝගී තත්ත්වය පිළිබඳව අනාවරණ කරන I am Celine Dion ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකු හඬවන නිර්මාණයක් බවට එය නැරඹූ ලාංකික රසිකයින් බොහෝ දෙනෙක්ද පවසා තිබිණි.

 

ප්‍රයිම් වීඩියෝ වෙතින් මීළඟට නිකුත් කිරීමට නියමිත I Am: Celion Dion වාර්තා චිත්‍රපටයෙන් ලෝකයේම ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන්ගේ Stiff Person Syndrome සෞඛ්‍ය සටන විස්තර කරන බව පසුගියදා ඇය සිය චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තකදී හෙළි කළාය.


ප්‍රයිම් වීඩියෝ වෙතින් මීළඟට නිකුත් කරන ලද I Am: Celion Dion ඪිඔන් වාර්තා චිත්‍රපටයෙන් ලෝකයේම ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන්ගේ Stiff Person Syndrome සෞඛ්‍ය සටන විස්තර කරන බව ඇය මීට පෙර සිය චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තකදී හෙළි කළාය.
චිත්‍රපටය කෙරෙන් සිය අඛණ්ඩ සෞඛ්‍ය සටන විස්තරාත්මකව පෙන්වන බව ප්‍රචාරක වීඩියෝවකින් මීට පෙරදී සෙලීන් විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි.
ඇවිදීමේ අපහසුතාව, සන්ධි රිදීම, මස්පිඩු වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි බෙහෙවින් අසීරු අවස්ථා ඇති කරන රෝගය ඉතා බරපතල එකක් බව සෙලීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරිය මේ ගැන සඳහනක් කරමින් පවසා තිබිණි.
අසීරු ස්නායු රෝගී තත්ත්වයක් වන මෙම රෝගයට සෙලීන් මුහුණ දීම පිළිබඳව පසුගිය වසරේද ලෝක මාධ්‍ය වාර්තා පළ කළ අතර සෙලීන් ඒ ගැන විශේෂ සඳහනක් නොකළාය. කෙසේනමුත්, ගිය වසරේ සංවිධානය කර තිබූ දැවැන්ත සංචාරක ප්‍රදර්ශනයක්ද ඇය මේ හේතුවෙන් අවලංගු කළාය.
Queen of Power Balled හැටියට හඳුන්වන කැනේඩියානු ගායිකාව වන සෙලීන් ලෝකයේම තවමත් සදා නොමැකෙන ගායිකාව වන්නේ සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කිරීම හේතුවෙනි.
වසර කිහිපයකට පෙර සිය සැමියාගේ වියෝව සෙලින් බෙහෙවින් කම්පාවට ලක් කළ සිදුවීමක් වූ අතර ඔහු මිය යන තුරුම ළඟ සිට ඔහු රැක බලා ගැනීමට ඇය කටයුතු කළාය.

Back to top
Go to bottom

Popular News