ලොව සුපතල කාන් සම්මානය දෝත දැරුවද, දේශීය නැගී ආ විරෝධතා හමුවේ සති තුනක් ඉක්මවා යෑමට පෙරාතුරුව ඔහුගේ කුළුදුල් සිනමා වියමන (සුළඟ එනු පිණිස) මෙරට සිනමාපට තිරගත කිරීමේ යාන්ත්‍රණය තුලින් හකුලා ගැනීමට ඔහුට සිදුවිය.
ඉන් අනතුරුව ජගත් කිත් පැසසුම් ලද තවත් සිනමා නිර්මාණයන් ද්විත්වයක (අහසින් වැටෙයි, චත්‍රක්) නිර්මාණ හිමිකරු වීමට ඔහු වරම් ලැබූවද, එකී නිර්මාණයන්ද මෙරට සිනමා ප්‍රේක්ෂකයා වෙත පිරිනමනු උදෙසා අවැසි සිනමාපට තිරගත කිරීමේ යාන්ත්‍රණයේ දොරටු ඔහුට විවර නොවීය. එහෙත් ඔහු නැවතී නොමැත. ඔහුගේ පළමු සුලඟ (සුළඟ එනු පිණිස- 2005) හමා ගොස් එකොලොස් වසරකට පසු එවැනිම සුළඟක් (සුළඟ ගිනි අරන්) රැගෙන ඔහු යලි පැමිණ ඇත. එහෙත් මෙවරද සිනමාපටයක් සිනමාශාල වෙත මුදා හරින පොදු යාන්ත්‍රණය (ප්‍රමාණවත් සිනමාශාලා සංඛ්‍යාවක , සියළුම දර්ශන වාර සහිත ) ඔහුට අහිමිව ඇත. එහෙත් ඔහු ඉදිරියටද නොනවතිනු ඇත.
මුලක්, මැදක්, අගක් සහිතව ගලා යන සිනමා කතා සංකල්ප රීතිය ඔහුගේ සිනමා භාවිතය තුල බොහෝවිට දක්නට නොලැබුනද ඔහුගේ සිනමා භාවිතය අනර්ඝය. දේශීය වශයෙන් සුවිසල් සිනමා ප්‍රේක්ෂකාගාරයක් ඔහුට හිමි නොවූවද කලාත්මක සිනමාවට ප්‍රිය කරන සිනමා ප්‍රේක්ෂකයින් බහුතරයක් ඔහුගේ සිනමා භාවිතයට පෙම් බඳිති. එහෙයින් මෙවරද එකී රසික ප්‍රජාවක් උදෙසා ‘සුළඟ ගිනි අරන්’ හරහා ඔහු අමතන අයුරු ප්‍රශංසනීයය. බෞද්ධ දර්ශනයත්, වකුගඩු ජාවාරමේ යෙදෙන මනුෂ්‍ය හැසිරීමත් අතර දෝලනය වන එකී වියමන දකින්නට ඔබට ඇරයුම්....
(වැඩිහිටියන්ට පමණයි)
රීගල් -කොළඹ 4.15pm only/ ලිඩෝ බොරැල්ල 4.15pm only
ස්කයි ලයිට් - මාලඹේ 1.15pm only/ ඕඩියන්ස්- ගල්කිස්ස 4.15pm only
දුල්මිණි- හොරණ 4.15pm only/ මාෂා- පානදුර- 6.30 pm only
විජයන්ති - කඩුවෙල 6.30 pm only/ විජේන්ද්‍ර- අනුරාධපුර 6.30 pm only
උපුටා ගැනිම - උදිත ලක්මාල්ගේ ෆේස් බුක් පිටුවේන්
සබැදි පුවත්
"සුළඟ ගිනි අරන්' - විමුක්ති කතාකරයි (වීඩියෝ)
විමුක්තිගේ 'සුලඟ ගිනි අරන්' වාරණයකින් තොරව ප්‍රදර්ශනයට