lan englan tam

පුවත්

හාම්පුතා මරන්නැයි ඔහුගේ බිරිඳ මෙහෙකරුට කිව්වොත්?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගෙදරට වැඩ කරන්න ආපු කෙනෙක්ට ගෙදර අයිතිකාරයාගෙ බිරිඳ තමන්ගෙ ස්වාමියාව මරන්න කියලා කිව්වොත් ...
#Chathuram යනු Siddarth Barathan විසිනි 2022 වර්ෂයේදී අධ්‍යක්ෂණය කළ මලයාලම් භාෂා චිත්‍රපටයක්. 6.3/10 IMDB අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටයෙ එන සමහර දර්ශන හේතුවෙන් වයස අවුරුදු 18 වැඩි අය සඳහා සුදුසු චිත්‍රපටයක් යැයි මට සිතේ.

🔞+
🔴 කෙනෙක්ට Spoiler වෙනවා කියලා හිතෙනවා නම් මෙතැන් සිට ලිපිය නොකියවා සිටීමට වග බලා ගන්න.
කතාව ගැන |•
ප්‍රධාන චරිතය කාන්තාවක් ඇය නමින් සෙලීනා,
සෙලීනා කියන්නෙ බොහොම අසාමාන්‍ය සුන්දරත්වයක් හිමි දුප්පත් පවුලක හෑදි වැඩුනු කාන්තාවක් ඔවුන්ට තිබුනු දැඩි ආර්ථික අපහසුතාවයන් නිසාම සෙලීනා හට වයසින් වැඩි මහළු පුද්ගලයෙක් සමග විවහා වීමට සිදුවී තිබෙනවා. චිත්‍රපටය ආරම්භ වන්නෙ ඇය එම පුද්ගලයා සමග විවහා වී ඔහුට අයත් කඳුකර ප්‍රදේශයක පිහිටි බංගලාවකට පදිංචියට පැමිණීමත් සමගයි
සෙලීනා හිතුවේ ඇයට ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරමින් මේ නිවසේ රැජිනක් ලෙස සිටීමට හැකිවේවි කියලයි නමුත් සිදුවන්නේ නම් ඇය හාත්පසින්ම නොසිතූ දෙයක් සෙලීනා විවහා උනු මේ පුද්ගලයා ඉතා දැඩි ලෝබ කමෙන් හා විකෘති කාම ආශාවල් වලින් පිරුණු පුද්ගලයෙක් ඔහු සෙලීනා හට නිරන්තරයෙන් කිසිදු හේතුවක් නොමැතිව පහර පිට පහර එල්ල කරන්න පටන් ගන්නවා මේ දේවල් දරාගෙන කොහොම හරි සෙලීනා ජීවිතය ඉස්සරහට ගෙන ගියත් මේ පවුල් ජීවිතය නම් ඇයට දැඩි ලෙස අප්‍රිය වෙන්න නම් වැඩි කාලයක් ගියේ නැ
ඔහොම කාලයක් ගත වෙද්දි දවසක් සෙලීනාත් කැටුව මෙම පුද්ගලයා ඔහුට අයත් ඉඩම් පෙන්වීමට බෑවුමක් සහිත ස්ථානයකට යනවා මෙතනදි යම් දෙයක් සිදු කිරීමට සැරසෙද්දි සෙලීනාගෙ ස්වාමීයා බෑවුමෙන් පහළට ඇද වැටෙනවා එලෙස ඇද වැටීමෙන් ඔහුගෙ සිරුරරට දැඩි ලෙස හානි වීම නිසා ඔහු අංශභාග තත්ත්වයට පත් වී කතා කිරීමටවත් නොහැකිව එක්තැන් වෙනවා. දැන් ඉතින් සෙලීනා ඉන්නෙ මාරම සතුටින් ඇය ඇයට සිතඟි පරිදි ජීවත් වෙනවා එ වගේම ඇය ඉතාමත් තරහකින් තමයි මේ වෙද්දි ඇයගෙ ස්වාමීයා සමග ඉන්නෙ මොකද ඔහු හොඳින් ඉන්න කාලේ සෙලීනා හට ඉතා දරුණු ලෙස වද හිංසා සිදු කළ නිසා.
ඔන්න දැන් තමයි චිත්‍රපටයෙ අනෙත් වැදගත්ම පුද්ගලයා ගෙ පැමිණීම සිද්ද වෙන්නෙ ඔහු නමින් "බෙල්" පුහුණුවලත් පිරිමි හෙද නිලධාරියෙක් සෙලීනා ඔහුව ගෙන්නන්නෙ ඇයගෙ එක්තැන් වී සිටින ස්වාමියා ගෙ වැඩකටයුතු සිදු කිරීමටයි. ඉතින් මේ බෙල් බොහොම හොඳ පුද්ගලයෙක් ඔහුගෙ රාජකාරිය ඔහු අකුරටම ඉටු කරනවා. එ වගේම සෙලීනාගෙ ස්වාමීයා පවා ඔහුට කැමතියි හැබැයි තමන්ගෙ බිරිඳ ගාව අනවශ්‍ය ලෙස රැඳෙන එකට නම් ඔහු පොඩ්ඩක්වත්ම කැමති නෑ සෙලීනාත් මේ බව දන්න නිසා ඔහුට ඇහෙන්නම බෙල් එක්ක හොඳින් කතා කරනවා කොහොම හරි වැඩි කාලයක් යන්න කලින් සෙලීනා හා බෙල් අතර සම්බන්දයක් ගොඩ නැගෙනවා මේක ගොඩක් සමීපව සිද්ද වෙනවා. මේ වෙද්දි සෙලීනා හට විශාල ප්‍රශ්ණයකුත් ඔලුවට කඩන් වැටෙනවා ඒ ඇයගෙ ස්වාමීයා ගෙ සහෝදරයා සහා ඔහුගෙ පළමු කසාදයෙ දරුවන් ඇයව නිවසින් පන්නන බව පවසමින් තර්ජනය කිරීම හේතුවෙන් ඔවුන් පදිංචිව සිටියෙ ඉතාලියෙ.
මේ හේතූන් නිසා ඔවුන් ඉන්දියාවට පැමිණිමට යි සූදානම.
සෙලීනා මේ දේ බෙල් සමග පැවසුවත් ඔහු පවසන්නෙ "ඇයි ඔයා බය වෙන්නෙ ඔයා එයාගෙ කසාද බිරිඳ නෙ දේපළ අයිති වෙන්නෙ ඔයාටනෙ" කියලයි.
සෙලීනා පවසන්නෙ නම් එහෙම වෙන්නෙ ඇයගෙ ස්වාමීයා ජීවිතයෙන් සමුගතහොත් පමණක් බවයි. ඒ නිසා ඔහුව ඝාතනය කරන ලෙස බෙල් ගෙන් සෙලීනා දිගින් දිගටම ඉල්ලා සිටිනවා. නමුත් බෙල් කෙනෙක්ගෙ ජීවතයක් නැති කිරීමට තරම් දරුණු පුද්ගලයෙක් නෙමෙයි ඒ නිසා ඔහු දිගින් දිගටම සෙලීනා හට පැවසුවේ එය සිදු කිරීමට නොහැකි බවයි.
අවසානයෙ මොකද්ද ඌනෙ බෙල් සෙලීනාගෙ ස්වාමීයාව ඝාතනය කළාද එහෙමත් නැත්නම් සෙලීනව ඇයගෙ ස්වාමීයාගෙ පිරිස විසින් පන්නා දමා දේපළ අයිති කරගත්තාද මේ හැමදේටම පිළිතුරු චිත්‍රපටය අවසානයේදි ලැබෙනවා.

චමිඳු සඳවත් - සොඳුරු මලයාලම් සිනමාව සහ අසිරිමත් කේරළය

Back to top
Go to bottom

Popular News