lan englan tam

පුවත්

'තත්පරයක් දෙන්න' ගැන කියන්න විනාඩි කිහිපයක් දෙන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
කොටස් 61ක් පුරා ආසක්තව 'තත්පරයක් දෙන්න' නැරඹූවෙකු වශයෙන් අවසාන කොටසෙන් පසුව හෝ ඒ ගැන යමක් ලිව යුතු බවත්, ඩිජිටල් තිරයකින් අවසාන ප්රතිඵලය ග්රහණය කරගන්නා ප්රේක්ෂකයෙකු වශයෙන් තිර රචනය, අධ්යක්ෂණය, අර්ථපතීත්වය යන තුන් ඈඳුතු වික්රමය සේම වැදගත් කොටසක් ඉදිරිපත් කරමින් රංගකාර්යයේ නිරත වූ රංගන ශිල්පීන් වෙනුවෙන් මේ සටහන වෙන් කළ යුතු බවත් මට හිතුණා.
 තත්පරයක් දෙන්න තුළ මා රඳවා ගැනීමේ පළමු වෙඩිල්ල පත්තු කෙරෙන්නේ පූජනී ඒකනායකගේ අතින්.
කුතුහලය මුසු දෙවනි තත්පරයත්, ඉතිරි තත්පර 59 කරාත් මා රැගෙන ආවේ පළමු කොටසේ දී 'ජාලිය ප්රශ්න අහන්න එපා! ගෙදර එන්න' යැයි කියූ ඇය බව සඳහන් නොකළොත්, ඒ ඇයගේ දක්ෂතාවයට කෙරෙන අසාධාරණයක්.
Tharindi , මම කැමතියි ඔයා බොහොම ඉක්මනට හොඳම නිළිය සම්මානයක් අතින් අරන් ඉන්නවා දකින්න. ඒ දවස උදාවෙන්නේ 'තත්පරයක් දෙන්න' නිසා නම් මට තවත් වැඩි සතුටක් දැනේවී.
 ජාලිය; ජාත්යන්තර නිර්මාණකරුවන්ගේ ආකර්ෂණය දිනාගෙන ශ්රී ලාංකීය අනන්යතාවය ලෝකයකට අරන් යන සුදක්ෂයා, වික්රම්, ඓශ්වර්යා, කාර්ති මැද්දෙන් අපේකම පැළ කරගෙන ගිය, මනිරත්නම් පවා ආකර්ෂණය වුණ Shyam අයියා ගැන මම වගේ සාමාන්ය ප්රේක්ෂකයෙක්, රසිකයෙක් මොනවා ලියන්න ද? පූජනීගෙ චරිතය වඩා හොඳින් තිරය ඉදිරියේ ඉස්මතු කරවන්න ජාලියගෙන් ලැබුණ සහයෝගය විශ්මිත එකක්. ශ්යාම් කිව්වම මට ඉස්සර 'ප්රේමය නම්, අඩෝ/මීෂා' මතක් වෙනවා. ඉස්සරහට ජාලියත් මතක් වෙයි.
 අපි අත්දකින සමාජයේ ඉන්න බහුතර පොලිස් නිළධාරීන්ගේ හරස්කඩක පොදු ලක්ෂණ ඡේදනය කරපු සරල රේඛාව, ධර්මජිත්!
Poojana අයියා, සමහර පොලිස් නිළධාරින් සම්බන්ධයෙන් අපේ හිත් ඇතුළේ පැළ පදියම් වෙලා තියෙන,ඉපදෙන අප්රසන්නකම නුරුස්සන ස්වභාවය මේ චරිතේ ඇතුළෙ කොතනකදිවත් එළියට නොගත්තට, ධර්මජිත් ගැන ආකර්ෂණයටත් වඩා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව ගැන පැහැදීමක් මුළු නාට්ය පුරාම ඇති කරාට ආදරෙයි! ධර්මජිත්, ඩෙනිස්, සුමනසේකර වගේ රාජකාරිය දේවකාරිය කරගත්ත තව චරිත අපි එක්කම ඇති. මේ වගේ නිර්මාණ වලින්වත් උත්තේජනයක් ලැබිලා තව එහෙම අය බෝ වෙන්න ඕනි.
අපි එකතු වෙලා කාලෙකට ඉස්සර නිර්මාණ සම්බන්ධයෙන් කරපු කතාබහ වලදි වගේම, ඒ කතාබහ වලින් එළියට ආපු නිර්මාණ වලදිත් පූජන කියන්නේ ඇත්තටම කලාව වෙනුවෙන් පෙනී ඉන්න 'නළුවෙක් විතරක්ම නොවෙන මනුස්සයෙක්' කියන එක ඔයා නැවත නැවත ඔප්පු කරා. සමහර නළුවෝ අපි එක්ක රඟපෑවා, ඔයා රඟපෑවේ නෑ. ඒ නිසා ධර්මජිත් නොවන පූජන ගැන ලියනකොටත් නළුවෙක්ට එහා ගිය 'මනුස්සයෙක්' කියන එක දෙපාරක් නොහිතා ඔයා ගැන මට ලියන්න පුළුවන්.
ආදරෙයි! එච්චරයි!
 බලාපොරොත්තු වෙන කුතුහලයටත් වඩා වැඩි එකක් ප්රේක්ෂකයා ළඟට ගෙනත් අතහැරියා නම් ඒ තමයි වන්නකු.
උසාවියක් ඉස්සරහ මේස කෑල්ලකුත් අටවගෙන හතේ හත වැදිලා හිටපු මිනිහෙකුට ශර්ලොක් හෝම්ස් ගණයේ රහස් පරික්ෂක ඥාණයක් තියෙන්න පුළුවන් ද හිතෙන තරමේ ව්යසනයක් Samantha Paranaliyanage මේ නාට්යය ඇතුළේ කරා. ඒකටම සමදරා! Dhanushi Dissanayaka, මැච් මේඩ් ඉන් හෙවන් කපල් කපල් එක.
වටිනා කියන දේවල් ලාබ කඩවල් වලින් හම්බවෙන්න හොඳ නෑ!
එහෙම හිතනකොට සමදරාවත්, වන්නකුවත් මීට කලින් මේ හා සමාන ප්රබල චරිත වලින් ප්රේක්ෂකාගාරයට සමීප නොවුණ හොඳයි කියලා හිතෙනවා.
 බන්ධනාගාරෙක ප්රධාන ජේලර්වරිය මොනවගේ ඇති ද කියන එක දැකලා නැති වුණත්, මේ වගේම ලාස්ය හංඟගෙන දේහදාරි පිරිමි ආත්ම උහුලන ගැහැණු උදවිය ඒවා ඇතුළේ ඇති කියලා මට හිතෙනවා. නොපෙනෙන බළල් අත් වලින් ඒ ගැහැණු තැලෙනවා ඇති, සැලෙනවා ඇති, හොරෙන් අඬනවත් ඇති. ඒත් ආයේ බ්රිජට් වගේම නැගිටිනවා ඇති.
අපි පොඩි කාලේ දැකපු සරල,සුන්දර යර්ස් බොස් රෝෂිණි මැඩම් අපිත් එක්කම මුහුකුරා ගිහින් පරිණත වෙලා, සීරියස් වුණා ද කියලා හිතෙන තරමට සේමීණී ඉද්දමල්ගොඩ ජ්යේෂ්ඨ රංගන ශිල්පිනිය බ්රිජට්ගේ චරිතය ජීවමාන කරා.
Semini අක්කා, ඇත්තටම ඔයා මේ ටෙලි නාට්ය කර්මාන්තයටම භාග්යක්!
එයා දැන් බැඳලා සුද්දි, තත්පරයක් දෙන්න බ්රිජට් වගේ චරිතෙකින් ආයෙත් මුණගැහෙනකල් බලන් ඉන්නවා. ♥️
 චරිත ස්වභාවය ද මන්දා පටන් ගැන්මේ ඉඳලම නිත්යගේ චරිතය ඇතුළේ නම් යම්කිසි උදාසීන බවක් පෙනුණා. ශලනි තාරකාගේ තරු ගුණය ඊට වඩා ප්රබල චරිතයක් වෙනුවෙන් යොදවන්න තිබුණ බව හිතුණත් එය එසේ වී හමාර නිසා මම ඒ ගැන නොහිතා ඉන්න උත්සහ කරනවා.
 ෆීලික්ස් රාජගුරු,
කට්ට කෛරාටික සූක්ෂම ඇමති චරිතයට මීටත් වඩා ගැළපෙන වෙන ආදේශකයක් තියෙනව ද කියලා මට මතක් වෙන්නෑ. පුටුවෙන් එකක් ඉන්න බඩ තඩි, උස,මහත ඇමතියෙක්ට වඩා 'එහෙනම් බ්රිජට් නෝනේ.... ජය වේවා' කියන, නිත්යටවත් අඳුනගන්න බැරි වුණ ධර්මචක්රයක් වගේ ෆීලික්ස් අංකල් කියන්නේ Roger Senevirathne කැපෑසිටියටම හැදුණ චරිතයක්.
සියළු චරිත ගැන ලිවීමෙන් මේ සටහන ඉතා දීර්ඝ ලිපියක් බවට පත් වෙන නිසා සිද්ධික්, රූපා, අමිලා, පුංචි රෝසා, ජිනා එකී මෙකී නොකී සියලු දෙනා තම චරිතය දැනෙන්න රඟපෑ බව කෙටියෙන් ලියා තබන්නම්!
------------------------------------------------------------------------
ප්රේක්ෂකයාගේ කෝණයෙන් 'තත්පරයක් දෙන්න' තුළ දුටු අතාර්කික සේම අතාත්වික සිදුවීම් කිහිපයක් ගැනත්, නොවිසඳුණු ගැටළුවක් ගැනත් අවසාන වශයෙන් ලිවීම කිසිවෙකුටත් අගතියක් නොවේයැයි හිතනවා.
1. පූජනී ඒකනායක වැනි සමාජය ගැන යම්කිසි අවබෝධයක් ඇති උගත් කාන්තාවක් පලිහවඩන ඝාත.න තොරතුර දැනගත් වහාම වගකිය යුතු ආයතනයක් දැනුවත් නොකළේ ඇයි? (ඝාත,නය සඳහා යොදාගත් ආයු.ධය ස්පර්ශ කිරීම විය හැකියි, නමුත් අපරාද ස්ථානයෙන් පලා යෑම? පොලිසියෙන් සොයා එනතුරු වසන් වී සිටීම?)
2. පූජනී ගමන් කළ රථයේම නැගී පලාගිය අපරාධකරුවා එම රථයෙන් බැස යන්නේ කොයි අවස්ථාවේ ද? (පලිහවඩනගේ නිවසින් පිටත් වෙන පූජනීගේ රථය නැවැත් වූ එකම ස්ථානය පූජනීගේ නිවස පමණයි)
3. කතාවේ ප්රධානම point එක, පලිහවඩනගේ මිනී.ම.රුවා සොයාගැනීම. පියාගේ ඝාත,කයා සොයා ගැනීමේ අවශ්යතාවය වෙනුවෙන් පූජනීගේ ජීවිතය උදුරා ගැනීමට පවා දෙවරක් නොසිතන දොස්තර නිත්යා පලිහවඩන, ඝාතකයාගේ විස්තර දැනගත් පසුව සටන අතහැර සියදිවි නසා ගැනීම සහ ඝාත.කයා පිළිබඳ තොරතුර පොලිසියට නොදන්වා ව්යංගයෙන් එය පැවසීමට උත්සහ කිරීම, වන්නකු විසින් ලේ පැල්ලමක් අක්ෂරයක් ලෙස නිගමනය කිරීම තාර්කික ද?
4. ඇය මිය යන මොහොතේ ඇඳ ඇතිරිල්ල මත V අකුර සටහන් කිරීම ඇසුරෙන් ප්රදේශයේ නම ගිය අපරාධකරුවෙක් වැටලීම.
ඉංග්රීසි භාෂාවේදී විලී/Willie යන්න ලිවීමට භාවිතා කරන්නෙ W අක්ෂරය වුණත් ඇය සටහන් කරන්නේ V අක්ෂරය, දොස්තර නෝනා එය නොදන්නා තරමේ ඉංග්රීසි භාෂාවේ අපොහොසත් අයෙක් විය හැකි ද? ( W ලිව්වා නම් වන්නකුට වුණත් ටිකට් එක ඇදෙන්න තිබ්බා! ඒක මතක් කරේ නිකන්)
නම ඇසූ සැනින් පල්ලිය වත්තේ කොල්ලන් සලිත වෙන ප්රදේශයේ නම ගිය අපරාධකරුවෙකු ඉන් ඉහත දී පොලිස් වාර්තා අතර නොසිටියේ ද?
5. පූජනී රෝහල් ගතව සිටින අතර තුර දිගින් දිගටම ඇයට බලපෑම් කළ රූපාගේ තනතුරේ නව පත්වීම 'චම්පා', ඇය රූපාගේම සෙවනැල්ලක් ද? නැතිනම් සත්ය අනාවරණය කර ගැනීමේ අරමුණින් පූජනී හට බලපෑම් කළ අයෙක් ද?
(මේ ප්රශ්න සියල්ලටම වගකිව යුත්තේ පද්ම වන්නකු විසින් ලබා දුන් රහස් පරික්ෂක ඥාණයයි!)
අවසානයේ මෙහෙම අදහසකින් ඉවර කරන්නම්.
'තත්පරයක් දෙන්න' කොටස් 61ක් දක්වා නොගිහින් කොටස් 60කින් අවසාන කරන්න පුළුවන් වුණා නම් මම පෞද්ගලිකව කැමතියි.
තත්පර හැටකින් පස්සේ තත්පර සංකල්පය ඉවර වෙලා විනාඩියක් උදා වෙනවා වගේ කොටස් 60ක් ඇතුළෙ සමස්ථ කතාව ඉදිරිපත් වුණා නම් ටෙලි නාට්යයේ නමටuniqueness එකක් වෙයි කියලා මට හිතෙනවා. ඒකට ප්රතිවිරෝධ තිබුණට කමක් නෑ! ඒක නිකන් මගේ අදහසක් විතරයි.
කෙසේ හෝ වේවා,
දියවන්නාවේදී, රාජ්ය ආයතන තුලදී, සමාජයේ කොතැනක හෝ අපට හමුවෙන ෆීලික්ස් රාජගුරුලා, හර්ෂලා නීතියේ රැහැනට හසු කර දිය හැකි පූජනීලා,බ්රිජට්ලා,වන්නකුලා,ධර්මජිත්ලා වෙන කොහේටත් වඩා අවශ්ය අපටයි. ඒ සියළු චරිත රඟ දැක්විය හැක්කේත් අපටමයි.
Supun Rathnayaka ගේ ලලයි ලිලයි ලයි තරමට 'තත්පරයක් දෙන්න' ජනගත වුණා නම්, Trending 01 වුණා නම් මම තවත් කැමතියි. හැබැයි මොකද්දෝ අහේතුවකට මේ දූපතේ එහෙම ඒවා වෙන්නේ නෑ.
බියංකා කුමාරසිරි ✍️
ප.ලි -
පහුගිය කාලේ කීපදෙනෙක්ම 'ඇයි දැන් ඉස්සර වගේ ටෙලි නාට්ය ගැන නොලියන්නේ?' කියන ප්රශ්නේ අහලා තිබුණා. ප්රශ්නෙට උත්තරේ!
ටෙලි නාට්ය වලට, චිත්රපටි වලට ගොඩ වඩා ගැනීමේ අදහසින් ප්රේක්ෂකාගාර හදාගෙන රසික අදහස්, විචාර, නිර්මාණශීලිත්වය අනාචාරයේ යවන නිර්මාණකරුවෝ මුණගැහීම සහ අවසානයේ ඒ අයගේ Agendas වලට නොදැනුවත්වම හවුල් වෙන්න සිද්ධ වීම නිසා 2020 සිට මේ දක්වාම විකාශය වෙමින් පවතින නිර්මාණ ගැන කිසිම සටහනක් ලියලා නෑ. ඉදිරියට ලියන එකකුත් නෑ! 🙂
 
බියංකා කුමාරසිරි
Back to top
Go to bottom

Popular News