lan englan tam

පුවත්

මේ ප්‍රශ්නෙට විසඳුමක් චිත්‍රපට සංස්ථා පනතේ නෑ; ගාමිණී රූපසිංහ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන අවධියේදී එය ජංගම දුරකථනයකින් හෝ වෙනත් ක්‍රමයකට වීඩියෝ කර යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලයක ප්‍රදර්ශනය කිරීමට එරෙහිව චිත්‍රපට සංස්ථා පනත තුළ කටයුතු කිරීමට ප්‍රතිපාදන නොවන බව ජාතික චිත්‍රපට සංස්තාවේ සහකාර සාමාන්‍යාධිකාරී ගාමිණී රූපසිංහ මහතා පවසයි.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව සාංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කර නීති සකස් කිරීමට අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසුවේ
සිංහබාහු චිත්‍රපටයේ නීතිවිරෝධී පිටපත් අන්තර්ජාලයට මුදාහල පුද්ගලයෙකු කොළඹ පරිගණක අපරාධ ඒකකය විසින් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධව ගන්නා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
ජාතික චිත්‍රපට සංස්ථාවේදී පවත්වනු මෙම මාධ්‍ය හමුවේදී හෙතෙම මෙසෙස ප්‍රකාශ කළේය.
"'සිංහබාහු' චිත්‍රපටිය නිසා සිනමාශාල පිරීඑ ඉතිරී යමින් තිබුණේ. ඒ තත්ත්වය තුළ තමයි මෙම සිද්ධිය වාර්තා වුණේ. චිත්‍රපට සංස්ථාවේ පනත යටතේ මේ සඳහා ක්‍රියාත්මක වෙන්න නීති නෑ. සභාපතිතුමා සමග සාකච්ඡා කරලා මේ සඳහා නීති සකස් කළ යුතුයි."

kemadasa

shungara

Back to top
Go to bottom