ජාතික වීර දිනයට සමගාමීව "නෙළුම් පොකුණ රඟහලේ" දී පැවති ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට ඇතුළු වීමට කලාකරු ලූෂන් බුලත්සිංහලට අදාළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරනු ලැබු බාධා කිරීම බොහෝ මාධ්‍යයන් වාර්තා කර තිබුණි.
එහිදී ලූෂන් බුලත්සිංහල පවසා සිටියේ අදාළ ආරක්ෂක නිලධාරීන් තමාට නෙළුම් පොකුණ රඟහලට ඇතුල් වීමට බාධා කර සිටි බවත් එම ආරක්ෂක අංශ නිලධාරීන් තමන් හඳුනා නොගත්ත ද ප්‍රකාශ කල කරුණුවලට සවන් නොදුන් බවද ඔහු එහිදී පවසා සිටියේය.
මේ පිළිබඳ මිරර් ආර්ට්ස් කළ සොයා බැලීමේදී වාර්තා වූයේ ජනාධිපතිවරයා පැමිණි එම උත්සවයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුයේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් වන අතර ඒ නෙළුම් පොකුණ රඟහලේ ආරක්ෂක අංශය නොවන බවයි.
ඊට අනුව අදාළ බාධාකිරීමට අදාළව නෙළුම් පොකුණ කාර්ය මණ්ඩලයේ සම්බන්ධතාවයක් නොමැති බවත් ලූෂන් බුලත්සිංහලට සිදුවූ අපහසුතාවය සම්බන්දයෙන් මේ වන විට විශේෂ පරික්ෂණයක් සිදු වෙමින් පවතින බවද මිරර් ආට්ස් වෙත වාර්තා විය.
සබැඳි පුවත්