lan englan tam

පුවත්

සෙලීන් ඩියෝන් පැරීසියේදී යළි ලොවට සතුට ගෙනෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 I'm Celine Dion වාර්තා චිත්‍රපටයෙන් මෑතකදී සිය තත්ත්වය හේතුවෙන් විඳින පීඩාව ගැන ලෝකය දැනුවත් කළ ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන් සිය යළි නැගිටීම සනිටුහන් කරමින් පැරිස් 2024 ඔලිම්පික් උළෙල ආරම්භක අවස්ථාව වර්ණවත් කළාය.

Stiff Person Syndrome සෞඛ්‍ය සටන විස්තර කරන සිය කතා පුවත තුළින් පසුගිය කාලයේ සෙලීන් මුළු ලෝකයක් කම්පාවට පත් කර තිබිණි.
සිය අඛණ්ඩ සෞඛ්‍ය සටන තුළ ඇවිදීමේ අපහසුතාව, සන්ධි රිදීම, මස්පිඩු වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි බෙහෙවින් අසීරු අවස්ථා සහිත ස්නායු රෝගී තත්ත්වය සමගින් සෙලීන් සිය ඉදිරිපත් කිරීම හේතුවෙන් සිය රසික ලෝකයට යළිත් සතුටක් ගෙන ඒමට සමත්ව තිබේ.
Queen of Forever Balled හැටියට හඳුන්වන කැනේඩියානු ගායිකාව වන සෙලීන් ලෝකයේම තවමත් සදා නොමැකෙන ගායිකාව වන්නේ සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කිරීම හේතුවෙනි.

මීට පෙර ඇය 1996දී ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේදී ගීත ගායනා කළාය.

 

ශිවන්ති ප්‍රනාන්දු

 

 

453011842 1038968280925202 7166313215121671475 n

Back to top
Go to bottom

Popular News