lan englan tam

පුවත්

ගරුද නිගරුද නොබලා රඟපෑම විතරක්ම කරන නළුවෙක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මෝඩ තරිඳු' අලුතින් එන සිනමාපටයේ රංගනයෙන් දායක වන චරිතාංග නළු දසුන් පතිරණගේ උපන්දිනය නිමිත්තෙන් 'මෝඩ තරිඳු' ෆේස්බුක් පිටුවේ ඔහු ගැන ඇගයීමක් සමග සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කර තිබිණි.

ලබ්බෙ තොයිලේ, නිනෝ ලයිව් චිත්‍රපට නිර්මාණකරු තිසර ඉඹුලානගේ මීළඟ සිනමා නිර්මාණය වන 'මෝඩ තරිඳු' ළඟදීම එළිදැක්වීමට නියමිතය.

'මෝඩ තරිඳු' රසිකයින්ට බෙහෙවින් බලාපොරොත්තු තැබිය හැකි වින්දනාත්මක චිත්‍රපටයක් වනු ඇතැයි යන්න පමණක් තිසරගේ නිර්මාණ නැරඹූ රසික පාර්ශ්වයේ අදහස වී ඇත. 'එලොව මෙලොව යා කරන අපේ එකා' යනුවෙන් 'මෝඩ තරිඳු' හඳුන්වා දී ඇත.

ඇති අතර පහතින් පළ කෙරෙන්නේ දසුන්ගේ උපන්දිනය වෙනුවෙන් පළ කර තිබූ සටහනයි.

හා හා පුරා කියල අපි මුලින්ම කරපු චිත්රපටයෙ ප්රධාන චරිතයක් කරේ දසුන්. චිත්රපටය කරාට පස්සෙ ඒක පෙන්නන්න දඟලද්දි කව්ද මේ නළුවො? මෙයාලව කවුරුවත් දන්නෙත් නෑනෙ? වගේ කතා තමයි හැමතැනින්ම ඇහුනෙ. ඔය අපි කිව්වෙ 2009/2010 කාලෙ කරපු 2017 දි රිලීස් උනු අපි කරපු "නිනෝ ලයිව්" චිත්රපටය ගැන.
දැන් අවුරුදු 14 ක් ගිහිල්ල. අද වෙද්දි දසුන් ලංකාවම දන්න නළුවෙක්. සම්මානනීය නළුවෙක්. ඒ විතරක් නෙවෙයි අපිට නම් ගරුකටයුතු නළුවෙක්. 🤭 එහෙම කිව්වෙ නිකං නෙවෙයි ඉතිං .අපි කරපු දෙවෙනි චිත්රපටයට දසුන්ට කතාකරේ ගරු රඟපෑමකට. ගරුද අගරුද නිගරුද අදාල නෑ උඹලගෙ වැඩේනෙ මං එනවා. දස්ස ඒක කරා සුපිරියටම.
ඒක බලන්න "මෝඩ තරිඳු" එනකල් ඉන්න වෙනවා. අපිට නම් දස්සා කියන්නෙ ඉතිං හැමදාමත් ගරුකටයුතු යාළුවෙක්. සුබම සුබ වේවා හැමදාමත්
Back to top
Go to bottom

Popular News