lan englan tam

පුවත්

එක කුස නූපන් නැගණියට කාවින්ද්‍යා ලියූ සටහන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාමල් උඩුගම ජනප්‍රිය ගායන ශිල්පී සහ රුවන්ති මංගලා ජනප්‍රිය රංගන ශිල්පිනියගේ දියනිය දැහැමි පසුගිය සතියේ විවාහ දිවියට එළඹුණ අතර ඇයගේ විවාහ දිනය වෙනුවෙන් සුබ පතමින් කුඩා කල සිට සහෝදරියක ලෙස සඳහන් කරමින් ඇය සමග සිටි ගායන ශිල්පිනී කාවින්ද්‍යා අධිකාරි සංවේදී සටහනක් පළ කර තිබිණි.

 

ඊයෙ දවසේ, මූණට කියාගන්න බැරුව ගොඩාක් හැඟීම් හිතේ හිර වෙලා තිබුනේ. ඉතින් මෙසේ සටහනක් ලියන්න හිතුනා...
මගෙ අම්මා ගෙ කුසින් නූපන් එහෙත්, මගේ ම නංගි ගෙ ලස්සනම දවසේ එයා කුමාරිකාවක් වගේ මෙහෙම ඉන්නවා දකිද්දී ඒ ආව හැඟීම කියන්න ඒ වෙලේ වචන තිබුනේ නෑ...
නාමල් උඩුගම uncle, රුවන්ති aunty ගෙ මූණවල් වල තිබුනේ ලොකු ආඩම්බර කමක්, ලොකු දුකක්, ඒ වගේ ම පුදුම ලොකු සතුටක්, ඒ වෙන දේකට නෙමේ... "මෙච්චර ලස්සන, හොඳ දුවෙක් එයාලා බිහි කරා නෙ", කියලා ආව හැඟීමට වෙන්න ඕනේ... ඒ වගේම තමයි, මෙච්චර කාලයක් මලක් වගේ බලාගත්ත මේ ලස්සන කෙල්ල ව වෙන ගෙදරකට යවන්න වෙන නිසා, කියන එක මගේ අදහස...
Shenal මල්ලි ව හම්බුන පළවෙනි දවසේ දැනුන ඒ හැඟීම මයි ඊයේ ඔහු නංගි එක්ක ඉද්දී දැනුනෙත්, "අනේ මගෙ නංගි ව එයා හොඳින් බලගනි යි" කියන දේ...
නාමල් uncle සහ පවුලේ හැමෝම මට මගේ පවුලේ අය වගේම යි... එදත්, අදත්, ඉදිරියට ත් ඒ ආදරය, ගරුත්වය හැමදාටම තියෙනවා.
ඉතින් මගෙ නංගී සහ මල්ලී
අවසන් වශයෙක් මට කියන්න තියෙන්නේ,
අවුරුදු ගානක් රැකගෙන ආව මේ ආදරය හැමදාටම තියාගන්න.
මොන දේ උනත් දෙන්නට දෙන්නා ඉන්නවා කියන දේ හැමතිස්සෙම හිතේ තියාගෙන, මේ ජීවිතේ ලස්සනටම අරං යන්න කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා....🌸
ආදරෙයි ගොඩාක්!❤️🧿
-කවී අක්කී-

Back to top
Go to bottom

Popular News