lan englan tam

පුවත්

ගීත මංජරියක මකරන්ද සුවඳ ගෙනෙන 'පියුම් නීල වීල'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"නිලාර් රසවතානනි මෙ රසගුලාව තව තවත් වර්ධනය කර ගැනීමට ඔබට මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!! දායක වූ සියලුම දෙනාට" මෙසේ සටහන් කරනු ලැබ තිබුණේ පසුගියදා විකාශය වූ ජාතික රූපවාහිනියේ විකාශය වූ 'පියුම් නීල විල' සංගීත වැඩසටහන වෙනුවෙන් එහි යූටියුබ් ප්‍රේක්ෂකයෙකු විසිනි.

ජාතික රූපවාහිනියේ වැඩසටහන් අංශයේ කටයුතු මෑතකදී භාර ගත් නේත්‍රා ටීවීහි අධ්‍යක්ෂ, ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන්. කාසිම් මහතා විසින් මෙහෙයවනු ලබන මෙම වැඩටහන රූපවාහිනියේ ඉහළ ප්‍රතිචාර ලබන සංගීත වැඩසටහනක් බවට පත්ව තිබේ.
සතිපතා මෙම වැඩසටහන වටා විශාල රසික ප්‍රජාවක් එක් වන පසුගිය සතියේ වැඩසටහනට මෙවර සහභාගි වූයේ ප්‍රවීණ ගේය පද රචකයෙකු වන ශාන්ත ජයලත් තිසේරා වේ.
ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ ගීත ගායනයට උද්දික ප්‍රේමරත්න සමග තවත් ශිල්පීන් කිහිප දෙනෙකු සහභාගි වූ අතර එම වැඩසටහනට ඉහළ ප්‍රතිචාර පසුගිය සතියේ සිට මේ දක්වාද ලැබෙමින් තිබේ.

Back to top
Go to bottom

Popular News