මං මීට කාලෙකට කලිනුත් උපුටා දැක්වූවා මේක. මේ නාමල් ජයසිංහගෙ බොහීමියානුව ටෙලියෙ එන දෙබසක්.
..................
- චොප්‍රා මහත්තයා ඕකේ නැද්ද ජෝකර් කෙනෙක්. නිකන් මේ වචන ගොත ගහන, ඉස්සරහ දතක් නැති, ඇහේ පොඩි අප්සට් එකක් තියෙන ජෝකර් කෙනෙක් ?
- නෑ.. නෑ... නෑ.. මිනිස්සුන්ගෙ ශාරීරික දුබලතාවලට ජෝක් කරන, ඒ මිනිස්සුන්ට හිනාවෙන සිනමාවකින් වැඩක් නෑ විල්සන්. ඒකෙන් ගොඩ නැගෙන සමාජයත් නරුමයි. අපි හිනාවෙන්න ඕනේ මිනිස්සුන්ගෙ මෝඩකම්වලට, බේබදුකම්වලට, ගොන්කම්වලට.
ඇත්ත. අපේ කතාවේ කොමඩි තියෙන්නෙ ඕනේ. හැබැයි යථාර්ථයයි, දෘෂ්ටිවාදයයි එකට තියෙනකොට හැදෙන කොමඩි එක තියෙන්නේ.... අන්න ඒක තමයි තියෙන්න ඕනේ..
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ව්ද්‍යාර්ථියකු වන ක්‍රිස් ටෙලන් සියඹලාපිටිය මේ දෙබස උපුටා ගැනීමට ලක් කර තිබුණේ අනෙකක් නිසා නොව සමාජ ජාලවල කුඩා දරුවකු විසිළුවට ලක් කරන සිදුවීමක් හේතුවෙනි.
ඔහුගේ සටහන අග ඉහත 'බොහීමියානුවා' දෙබස පළ කර තිබූ අතර එයට අදාළ සිදුවීම සහ මෑතකදී කලා ලෝකය තුළ වැඩි වශයෙන් මාතෘකාවට ලක් වන ශරීරය ගැන අපහාසාත්මකව පෙන්වා දීම (Body Shaming) ගැනත් කුඩා කල තම අත්දැකීම් කිහිපයකුත් සටහනින් බෙදාගෙන තිබිණි. ක්‍රිස්ගේ සටහන පහතින් පළ වේ.
අර පොඩි ළමයෙක්ව විහිලුවට ගන්න වීඩියෝ එකක් දැක්කා. ඒක මං ශෙයාර් කළේ නෑ. මොකද ශෙයාර් කළානං ඕක මට නිතරෝම පේන්න ගන්නව. මං වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට ඒක දරන්න අමාරු දෙයක්. මං කැමති නෑ ඒක නැවත නැවත බලලා මගේ අභ්‍යන්තර සාමය බිඳවට්ටගන්න. ඒක මේ දැන් ටිකකට කලින් දැකපු වෙලේ වැඩි උනු මගෙ හාට් බීට් එක තාම එහෙම්මයි.
අපි දැනුවත්ව/නොදැනුවත්ව අපි අවට ඉන්න මිනිස්සුන්ගෙ ශාරීරික ලක්ෂණ ජීවිතේ පුරාම විහිලුවට ගන්නවා. ඒවා එක එක කෙනා බාරගන්න විදිහත් සෑහෙන වෙනස්. ඒනිසා අපි එහෙම කරන විහිලුවක් කෙනෙක් ගණනකට නොගන්නත් පුළුවන් වගේම තව කෙනෙක් ඒ විහිලුවෙන් තමන්ගෙ ජිවිතේ උනත් කෙළවර කරගන්න පුළුවන්. මොකද ඒ තරමට මිනිහෙක්ට තමන්ගෙ බාහිර ස්වරූපය වටිනවා, සහ ඕනම කෙනෙක් කැමතියි තමන්ගෙ පෙනුම ප්‍රසන්න විදිහට අනික් අයගෙ ඇස ගැටෙනවට. එහෙම නොවෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. ඒත් කවුරු කොහොම කිව්වත් මං හිතන්නෑ කවුරුත් තමන් අප්‍රසන්න පෙනුමක් තියෙන කෙනෙක් කියල අනික් අයට හැඟෙනවට කැමති වෙයි කියල..
විශේෂයෙන්ම ළමයින්ට පොඩි කාලේ සෑහෙන සිද්ද වෙන දෙයක් තමා මේ ශාරිරික ලක්ෂණවලින් නම් පට බඳින එක. එතකොට ළමයෙක් වැඩෙන්නේම මේ විහිලු තහලු මැද්දෙන්. ඒක කෙනෙක්ට සමාජෙට වෛර කරන්න හේතුවක් උනත් නිර්මාණය කරන්නත් පුළුවන්.
මටත් පොඩි කාලේ එහෙම නොසෑහෙන්න විහිලු කරල තියෙනවා. මගේ උත්පත්තියෙ ඉඳලම අතපයේ සම ටිකක් වියළියි. ඒවගේම මං කොච්චර කෑවත් මහත් වෙන්නැති මනුස්සයෙක්. මේ හේතු දෙක නිසා මටත් නොසෑහෙන්න විහිලු කරල තියෙනව යාළුවෝ නෑදෑයො. ඒ පොඩි කාලේ මට කියපුවා මං තාමත් මතක් කරන්න අකමැතියි. දැන්නං මට එහෙම කිව්වට ගානක්වත් නෑ ඉතින්. ඒත් ඒ පොඩිකාලෙ කියපුවා මට තාමත් දරුණු මතක විදිහට මතකෙ තියෙනවා.
ඒ කොහොම උනත් ඒවා මට වෙනස් කරගන්නත් බැරි දේවල්. කෙනෙක් කොහොමද තමන්ගෙ ශරීරය ඒ තරමට පාලනේ කරගන්නෙ. හමේ පාට වෙනස් කරගන්න පුළුවන්ද විශේෂ සැත්කමක් වගේ නොකර. ඇයි මිනිස්සු මේවගේ දේවල් එක්ක පැටලෙන්නෙ... මේ ලෝකෙ අපිට ඇඟිලි දික් කරන්න, විවේචනය කරන්න මොන තරම් අයුක්තියක් අසාධාරණයක් තියෙනවද? මේ ලෝකෙටත් වඩා විශාල අයුක්තියක් තියෙන ලෝකෙක ඇයි අපි අපේ සමීපතයෙක්ගෙ හමේ පාටක් එක්ක, කෙස් නැති හිසක් එක්ක, වියළි සමක් එක්ක, කෙට්ටු හෝ ස්ථූල ඇඟක් එක්ක පැටලි පැටලි යන්නෙ.. ඇයි අපි තව කෙනෙක්ගෙ මනස දරුණු වේදනාවක ගිල්වන්නේ? අපි කවද්ද මේ දේවලින් නිදහස් වෙන්නෙ? අපි මේවයින් ලබන තෘප්තිය ඇත්තටම මොකද්ද? මේවා අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්න. මමත් හැදෙන්නෙ මගෙන් ඔය වගේ ප්‍රශ්න කරල.. පුළුවන්නං වෙලාවක් අරගෙන දවසකට වතාවක් හරි තමන් තමන්වම ප්‍රශ්න කරගන්න.
ක්‍රිස් ටෙලන් සියඹලාපිටිය