lan englan tam

පුවත්

'වියළි' රූගත කිරීම් අවසන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ 'දඩ මංකඩ' නවකතාව ඇසුරින් නිර්මාණය වූ "හිත් පොළොව තෙත් කරන ඉපල් වූ ජීවිත - වියළි" ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් කර තිබේ.

පසුගිය මැයි 12 වැනිදා සිට ජාතික රූපවාහිනියේ විකාශය වීම ඇරඹූ මෙම ටෙලිනාට්‍යය සබුද්ධික ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සෙනසුරාදා සහ ඉරිදා දිනවල විකාශය වෙමින් පවතී.
ජාතික රූපවාහිනියේ පැරණි නිෂ්පාදනම යළි යළිත් විකාශය වෙමින් තිබූ පරිසරය වෙනස් කරමින් අලුතෙන් හඳුන්වා දුන් වැඩසටහන් අතරට 'වියළි' ටෙලිනාට්‍යයද පසුගිය කාලයේ එක් විය. 'වියළි' සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලැබෙමින් පවතින අතර මුල් කතාවේ රසයට හානි නොකළ වෙනස් ආරක ටෙලි නාට්‍යයක් ලෙස එය පෙන්වා දිය හැකිය.
චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කළ, සමන්ත කුමාර ගමගේ තිර රචනා කළ නාට්‍යයේ තරින්දි ප්‍රනාන්දු, සරත් කොතලාවල, මාධනී මල්වත්ත, සනත් විමලසිරි, අකලංක ප්‍රභාෂ්වර, අංජන ප්‍රේමරත්න, එස්.අයි. සමරක්කොඩි, නිම්මි මනෝහාරි, චන්දිමා කරුණාදාස, සමන්ත කුමාර ගමගේ, තිලාන් වර්ණජිත්, සිළිඳු රන්වල, චමින්ද බටුකොටුව රංගනයෙන් දායක වෙති.
කැමරාකරණය- චන්දන ජයසිංහ, කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම, සංගීතය - දර්ශන රුවන් දිසානායක, ගී පද රචනය - ගයා රම්‍ය අල්විස්, ගායනය - තුසිත් සිම්සන් සහ රිද්මිකා මධුභාෂිණී, අංග රචනය - ශාලිත් ගුණවර්ධන, සංස්කරණය - ඉන්දික ජයවර්ධනගෙනි.
ඉකුත් මාස කිහිපයේදී ජාතික රූපවාහිනියේ වැඩසටහන්වල නව පිබිදීමක් දක්නට ලැබෙන අතර රූපවාහිනී මාධ්‍යයේ දශක තුනක අත්දැකීම්වලින් පිරිපුන් ප්‍රවීණ ගීත රචක නිලාර් එන්. කාසිම් ජාතික රූපවාහිනියේ වැඩසටහන් සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගැනීමත් ඉන්පසුව සිදු කරන ලද වෙනස්කම් රූපවාහිනියේ නව නැම්මට බලපා ඇති බව ප්‍රශංසාත්මකව කිව යුතුය.

Back to top
Go to bottom

Popular News