lan englan tam

පුවත්

කිසිදා අමතක නොවන Raaz රස

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
2000 මුල් කාලේ (2002 වසරේ) ආව හොඳම හොල්මන් ෆිල්ම් එක වෙන්න ඕන රාස් කියන්නේ. ඉස්සර රෑ 10ට සිරස ටීවී එකේ ඕක බලල එළියට බැස්සේ නෑ තනියම. ඒ තරම් බය හිතෙන ෆිල්ම් එකක්.
අනික් දේ තමයි හොල්මන් ෆිල්ම් එකක් වුණාට ලස්සන සිංදු ටිකක්, රොමෑන්ටික් සීන් ගොඩක් තිබුණ ලස්සන ෆිල්ම් එකක් මේක. මේ ෆිල්ම් එක කොයි තරම් ජනප්රිය වුණාද කියනවා නම් ඊට පස්සේ රාස් 2, 3, 4 කියල තව ෆිල්ම් සීරිස් එකක් ආවත් මේ මුල් ෆිල්ම් එක තරම් ජනප්රියත්වයක් ගන්න තාම බැරි වුණා.
මොකද රාස් 2, 3, 4 චිත්රපටි 3ම රාස් 1 ෆිල්ම් එකෙන් ගත්තේ රොමෑන්ටික් සහ හොට් සීන් ටික විතරයි. උන්ට සිංදු ටිකේ රහ ගන්න අමතක වුණා. ඒ තරමට මේ රාස් 1 ෆිල්ම් එක හින්දි සිනමා රසිකයන් පිනෙව්වා.
උදිත් නාරායන්, අල්කා යාග්නික් ගේ වොයිස් දෙක ඩීනෝ මොරයාට සහ බිපාෂා බාසුට හොඳටම ගැලපුනා. මුළු චිත්රපටියේම සිංදු සෙට් එකම තාමත් ජනප්රියයි. 2002 ආස චිත්රපටියක් වුනත් වසර 22ක් ගත වෙලත් තාමත් සිංදු ටිකට තියෙන ඉල්ලුම නම් නැති වෙලා නෑ.
 
දිනුක මලින්ද
 

Back to top
Go to bottom

Popular News