lan englan tam

පුවත්

සිහින සැබෑ වෙන සුබ උපන්දිනයක් වේවා රාණි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
අද ස්වර්ණා මල්ලවාරච්චිගේ උපන් දිනය. ඒ කියන්නේ රාණි ගේ උපන්දිනය. රාණි කියන්නේ අපේ අලුත්ම චිත්රපටිය බව මේ වෙනකොට කවුරුත් දන්නවා. ඒ වගේම එහි රාණිගේ චරිතය රඟපාන්නේ ස්වර්ණා බවත් දන්නවා.

 මනෝරාණි සරවනමුත්තු කියන ධෛර්යවන්ත ගැහැනිය ගේ චරිතය රඟපාන එක ස්වර්ණා මල්ලවාරචි අවුරුදු විසි ගානක් තිස්සේ දකින හීනයක්. මේ චරිතය පාදක කරගෙන චිත්රපට දෙකක් කරන්නට කටයුතු යෙදුණා. එකක් නිලේන්ද්ර දේශප්රිය. සුදත් මහදිවුල්වැවත් කරන්න හිටියා කියලා පසුව දැන ගත්තා. ඒ දෙකේම මනෝරාණිගේ චරිතය රඟපාන්න තෝරාගෙන තිබුණේත් ස්වර්ණා මල්ලවාරච්චි. ඒත් විවිධ හේතු නිසා ඒවා කෙරුනේ නැහැ.

මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා අහම්බෙන් මගේ ඇඟේ වැදුණු මේ චිත්රපටය ඒ සඳහා අවස්ථාව වුණා. ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්, මනෝරානි ගැන මගේ කතාව කීමත් මේ චිත්රපටයේ අරමුණ වුණා. අසූව දශකයේ තරුණ විය පසු කරගෙන ආපු හැමෝටම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම තියෙනවා.
රාණිගේ වැඩ දැන් අවසන්. ඒත් ස්වර්ණාගේ සිහිනය එළිවෙන්නේ රාණි එළි දුටු දාටයි.
Antique කඩේ මරණයක් නාට්යයේ තියෙනවා සිංදුවක්. ඒකෙ කොටසක් මේ…..
සිහින දකින්න නම්
දිගටම නිදාගන්න ඕනේ
ඔබ ඇහැරිලා.
ඔබ ඇත්තට ඇහැරිලා
ඇත්තෙන් සිහිනය මුදාගන්න නම්
ඇත්තම දකින්න සිහිනයක් ලෙසින්…..
ස්වර්ණා මං වගේ නෙවෙයි. දෙවියන් විශ්වාස කරන කෙනෙක්. ඉතින් ස්වර්ණාගේ සිහිනය දැන් දෙවියන්ට බාරයි..
Happy Birthday Swarnakka ❤️
Be strong as always……
 
'රාණි' සිනමා කෘතියේ අධ්‍යක්ෂ අශෝක හඳගම විසිනි.
Back to top
Go to bottom

Popular News