ඉස්සර දෙකේ පන්තියෙ ඉන්නකොට අපේ සංගීත ගුරුතුමිය වෙච්චි ලලනි නවරත්න මහත්මිය ළමයි වටකරගෙන පියානෝව වයමින් ළමා ඉංගිරිසි ගීත ගායනා කරනවා. බොහෝ දෙනෙක් ඒ ගීත වයද්දි ගායනා කරත් මම දන්න ඒවා එතන තිබ්බේ අඩුවෙන්. ඒකට හේතුව අපේ ගෙදර තුන්තිස් පැයේ ඇහෙන්නේ හද්දා පරණ හින්දි සින්දුයි, සුනිල් ශාන්තගේ සින්දුයි, ඔය ගුවන් විදුලියෙන් තාත්තා අරං ආපු කැසටුයි නිසා ඉංගිරිසි සින්දු නිකං කළුනික වගේ.
පුවත්
මල් පිපෙන්නා වාගේ නොස්ටැල්ජික් සිතුවිලි
මේ සින්දුව අහද්දි මට හරි දුකක් දැනෙනවා වගේම නොස්ටැල්ජික් සිතිවිලි ඇහැරෙනවා...
දුක හිතෙන කාරණේ තමා අපේ ගමේ ඉස්කෝලෙ යන උන්ට මම පුරාජේරු කියවද්දි උන් පියානෝව අහලවත් නෑ.. දැකලත් නෑ.. උන් හිතුවේ තාත්තට කියන වචනයක් කියල!
අපේ පාසල් වල සම්පත් තියෙන හැටි අදටත් එහෙමයි. මම දැක්කා දවසක් සජිත් ප්රේමදාස මහත්තයා ඉස්කෝලෙ ශාලාවක් නෑ කියල ගහක් යට ඉඳන් කතාකරන වීඩියෝවක්. ඒවයිත් ඉන්නේ ළමයිනෙ. අපි පුංචි කාලේ පාසලේ මලලසේකර තියටර් එකේ හිටපු දැකපු නටපු නිසා BMICH, ඇල්පින්ස්ටන් හෝල් මැජික් වුණේ නෑ... නමුත් ඒවට ගිය ළමයි කට ඇරං බලන් ඉන්නකොට හරිම දුකයි...
අදටත් අපේ ළමයින්ට මට්ටම් දෙකක අධ්යාපනයක් ලැබෙන්නෙ. කොළඹ, ගාල්ල, ගම්පහ, කුරුණෑගල, නුවර, මාතර තියෙන සුපිරි පාසල් ටික ඇරුණාම අනික් ළමයින්ට පූර්ණ අධ්යාපනයක් ලබාගන්න බෑ. පන්ති තියෙන්නේ ගස් යට, ශාලාව කියන්නේ හිස් පන්තිකාමරයක්, ස්ටේජ් කියන්නේ ලෑලි බංකු ටිකක්... ලයිට් කියන්නේ පාට සැව් කොළ අලවපු ලයිට්....
අඹ යාළුවො කෘතිය විශිෂ්ට කෘතියක් වෙන්නේ මේවා නිසා වෙන්නත් ඇති....
මනෝරම වීරසිංහ
-
Category
පුවත් -
Hits
180 times