lan englan tam

පුවත්

'සදුදා වැටෙන්නේ සිකුරාදාට' 18 ඉරිදා ලයනල් වෙන්ඩ්ට් එයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චාලක රණසූරිය නාට්‍ය නිර්මාණයක් වන 'සදුදා වැටෙන්නේ සිකුරාදාට' එළඹෙන අගෝස්තු 18 වැනි ඉරිදා සවස 07ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරේ.

දිලූපා නිරෝෂණී අල්විස්ගේ නාට්‍ය නිෂ්පාදනයක් වන මෙය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ හොඳම පිටපත වෙනුවෙන් සම්මාන ලැබූ නාට්‍යයකි.
ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට සුසන්ත - 077 704 3356, රොෂාන් - 076 722 8202 අංක ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.

---------------------------------

'මන්දෝදරී' පාඨකයින් අතට

සම්මානනීය ලේඛක සහ සන්නිවේදක මොහාන් රාජ් මඩවලගේ 'මන්දෝදරී' කෘතිය එළඹෙන අගෝස්තු 15 වැනිදා එළිදැක්වීමට නියමිතය.
මාගම් සෝලිය ලියා පළ කිරීමෙන් අනතුරුව ඉහළ පාඨක ප්‍රසාදයක් හිමි කරගත් ලේඛකයෙකු වන මොහාන්ගේ ආදරණීය වික්ටෝරියා, ලොවීනා, රැජින, නිල් කට් රොල්, බෝදිලිමා යන කෘතිද බෙහෙවින් ඇගයුමට ලක් විය.
'ගෑනියෙක් ආසම පිරිමියෙක්ගෙ පපුවට. මොකද, පිරිමියෙක්ගෙ ආදරේ ගැන කියන්න පුළුවන් ඒ පපුවෙන් එන ගැස්මට කණ තිබ්බම.' ක්‍රිතියෙහි එන බව මොහාන් විසින් පළ කරනු ලැබ තිබේ.

Back to top
Go to bottom

Popular News