මාධවී ඇන්තනි මෑතකදී විවාහ වූ රංගන සහ ගායන ශිල්පිනිය මවක වීමට සූදානම් වන බව මාධවීගේ සැමියා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල අද (06) දිනයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හෙළිදරව් කළේය.
ඒ සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක්ද ලියා තබමිනි.
කසුන් සහ මාධවීගේ ආදරයට සුබ පතන අතර කසුන්ගේ සටහන ආදරේ උතුම් ම තෑග්ග කුසේ දරාගෙන ජීවිතේ වටිනා ම උපන් දිනය සමරන මගේ මව්වත් බිරිඳට රමණීය උපන් දවසක් වේවා ! යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.