lan englan tam

පුවත්

විජේවීරගේ මරණයත් දීප්තිගේ සංවාදත් නිර්මාණ දිවිය වෙනස් කළා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය වන්නේ 'රාණි' වේ. සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමින් නිර්මාණය කළ එම චිත්‍රපටය නැරඹීමේ බලාපොරොත්තුව ඇතිව ප්‍රේක්ෂකයින් සිටින මොහොතක ඔහු සිය ජීවිතය සහ මතක හෙළි කිරීමට ප්‍රේක්ෂකයා අභිමුවට පැමිණ තිබේ.

89 සමයේදී සිය ජීවිතය තුළ වූ නිර්මාණශීලී ප්‍රවේශයේ වෙනස්කම පිළිබඳව අශෝක හඳගම 'මතක පද' යූටියුබ් සංවාදය ඔස්සේ පසුගියදා හෙළි කළේය.
දීප්ති කුමාර ගුණරත්නගේ සංවාද සහ විදේශයක හැදෑරූ පශ්චාත් උපාධි සමයත් සමග සිය නිර්මාණශීලීභාවය වෙනස් අතකට හැරුණ බව ඔහු එහිදී ප්‍රකාශ කරයි.
ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන 'මතක පද' යූටියුබ් සංවාදය සෑම සිකුරාදාවකම සවස විකාශය වේ.
"89 විජේවීරගේ මරණයත් එක්ක අපේ හීන කඩන් වැටුණා. 90 දශකය කියන්නේ එක්තරා දේශපාලන සංක්‍රාන්ති සමයක්. අපි මොනවද කරන්නේ කියන එක ගැන අවබෝධ කරගනිමින්, හදාරමින් සිටි අවධියක්. එහෙම වටපිටාවක පශ්චාත් උපාධියට යන්නේ. මට හිතුණේ අපි මොනවද කරමින් ඉන්නේ, ඒවා අතර වෙනස ගැන වොර්වික් විශ්ව විද්‍යාලයේ 'ආට් සෙන්ටර්' එකේ හැම සතියෙම චිත්‍රපටියක් පෙන්වනවා. නාට්‍යයක් කරනවා. සංගීත වැඩසටහන් තිබෙනවා. ආර්ථි විද්‍යාව ගැන සරසවියක් වුණාට එහෙම තැනක්. එතැනට ශේක්ස්පියර්ගේ ගමත් ළඟයි. ඒ ඇතුළෙ මට හිතුනා අපි කරගෙන හිටපු දේවල වෙනසක් වෙන්න ඕන කියලා. ඒ සමග චිත්‍රපට බලන්න පුළුවන් වුණා
එතකොට ලංකාවේ 90 දශකයේ දීප්තිලා හරහා වෙනම සංවාදයක් හැදෙමින් තිබුණා. ඒ දෙක අතර එකතුවීමක් හින්දා මගේ තුළ වෙනසක් සිදු වුණා. පසුකාලීනව මම කරපු චිත්‍රපට සහ ටෙලිනට්‍යවල පෙනෙන්නට තිබුණේ ඒ වෙනස." හඳගම පවසයි.

Back to top
Go to bottom

Popular News