හොලිවුඩ් සිනමාවෙන් පසුගියදා ලොවපුරා ප්රදර්ශණය ආරම්භ කළ නවතම සිනමා නිර්මාණය Power Rangers.
මේ මස 23 වනදා ජර්මනියෙන් මෙම චිත්රපටය ප්රදර්ශනය ආරම්භ කරනු ලැබුවා.
ඇමරිකානු ඩොලර් මිලියන 105ක නිෂ්පාදන පිරිවැයක් දරමින් Lionsgate සමාගම මෙහි නිෂ්පාදන කටයුතු සිදුකර තිබෙනවා.
හොලිවුඩ් සිනමාවේ සිටින දක්ෂ චිත්රපට අධ්යක්ෂවරයෙක් වන Dean Israelite විසින් Power Rangers චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙනවා.
වෙනස්ම ආකාරයේ බලයන් 05ක් ලැබෙන තරුණයන් තිදෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු වටා මෙම චිත්රපටයේ කතාව ගොඩනැගෙනවා.
Naomi Scott, Dacre Montgomery, Elizabeth Banks, Ludi Lin, RJ Cyler, Becky G වැනි තරුණ රංගන ශිල්පින් ශිල්පිනියන් මෙහි චරිත සදහා පණ පොවනවා.
මෙම නිර්මාණය ලෝක සිනමාව තුල වෙනසක් අති කරනු ඇතැයි බොහෝ දෙනෙකු මත පල ඇත.