ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද ඩී. බී. නිහාල්සිංහගේ "වැලිකතර" චිත්‍රපටය ලබන අප්‍රේල් මාසයේ සිට නැවත ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව එහි මංගල දර්ශනය අප්‍රේල් 4 වැනි දින කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ඩී. බී. නිහාල්සිංහ මහතාගේ බලාපොරොත්තුව පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ස්කූප් චිත්‍රපටය වන මේ වැලිකතර සිනමා නිර්මාණය සීමිත කාලයකදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කළ බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සංවිධායක කමිටුව සඳහන් කෙළේය.