lan englan tam

පුවත්

'කම්බිලි' සෙනසුරාදා විශේෂ දර්ශනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මුදලට මුල් තැන දී කටයුතු කරන දේශපාලනඥයන් ගැන නිර්ධය ලෙස කතාබහට ලක් කරන නිදුක් මධුෂික පිටපත් රචනා කළ, ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා වෘත්තාන්තය 'කම්බිලි' මේ වන විට සාධනීය ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වෙමින් පවතී.

අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක,සමිත සුධීශ්වර, දේව් සුරේන්ද්‍ර, සුජානි මේනකා, ටීනා ශනෙල් ප්‍රනාන්දු, අමිල චින්තක ගමගේ සහ සුගත් ජානක ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් අගෝස්තු 31 එළඹෙන සෙනසුරාදා උදෑසන මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC)හි සිදු කෙරේ.
කම්බිලි තිර රචක නිදුක් මධුෂිකද එහි සහභාගි වීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom