lan englan tam

පුවත්

සනුක ඉන්දීය සිනමාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ මන්ජිත් දිවාකර්ගේ මීළඟ සිනමා නිර්මාණය වන "KAAMA" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වීමට ශ්‍රී ලාංකික සංගීත නිර්මාණකරු සනුක වික්‍රමසිංහ සමත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඉන්දීය සිනමාවට සම්බන්ධ වූ තවත් ලාංකිකයෙකු වීම සනුක සමත් වී තිබේ.
මෙම අවස්ථාව ඉතා සතුටින් සහ ඉතා නිහතමානීව රසිකයින් සමග බෙදා ගන්නා සනුක පවසන්නේ සිය පවුල, හිත මිතුරන් සහ රසිකයින්ට සිය ආදරය සහ ස්තුතිය පුද කරන බවය.
චිත්‍රපට ගී පද රචනය කොලිවුඩ් සිනමාවේ ශ්‍රී ලාංකික ගී පද රචක අස්මින් උතුමාලෙබ්බේ හෙවත් 'පොතුවිල් අස්මින්'ගෙනි. සනුක සංගීත්වත් කළ, වින්ඩි ගුණතිලක ගායනා කළ 'අයියෝ සාමි' ගීතයේ පද රචකයා වන්නේද අස්මින් වේ. ඔහු ලංකාවේ මාධ්‍යවේදියෙකු සහ කවියකු ලෙස කටයුතු කරමින් හිඳ මේ වන විට ඉන්දියාවේ සම්මානනීය ගී පද රචකයෙකු බවට පත්ව සිටී.

kemadasa

shungara

Back to top
Go to bottom