lan englan tam

පුවත්

'වාව්' එකක් ඇත්තේ තිලක්ෂිණීගේ රඟපෑමේයි; දූස්රා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ක්රිකට් ක්රීඩාවේ දුස්රා පන්දුවක් යනු පිතිකරුවා දවා ගැනීම සඳහා උපක්රමශීලීව එල්ල කරන පන්දුවකි. ලොව ජාත්යන්තර ක්රිකට් ක්රීඩකයින් අතර, අතිශූර පිති කරුවන් පවා දුස්රා පන්දුවලට දැවී හළු වී ගොස් අසරණ වූ අවස්ථා එමට ය. එබැවින් මෙම චිත්රපටයට දුස්රා යන නම් තැබීම චිත්රපටය නැරඹීමට පෙර නම් උභතෝකෝටිකයක් ව තිබුණි . චිත්රපටිය නැරඹීමෙන් අනතුරුව ඒ ගැටලුව විසඳී ගිය අතර, මේ චිත්රපටයට ඒ නම ඉතාම යෝග්ය බව හැඟුනේ ය.
දුස්රා චිත්රපටියේ ප්රධාන භූමිකාව "රතී"නම් වේ. ඇය විවිධ දරිද්රතාවයෙන් පෙළෙන වැසියන් සිටින ගම්මානයක ගැමි තරුණියකි. ඇය සමාජශීලීය, දගකාරය, කටකාරය, එඩිතරය, ස්වයං තීරණ වල එල්බ කටයුතු කරන අතිශය රූමත් නැතත් දුටු කෙනෙකුට නැවත බලන්නට සිතෙන රූ සපුවක් ඇති තරුණියකි.
ඇයට ගමේ පෙම්වතෙක්ද සිටි. ඇය ඇයගේ පෙම්වතා සමග ලඳු කැලෑවල පෙම්බස් දෙඩීම, අවශ්ය අවස්ථාවල දී ලිංගිකව හැසිරීමට පවා මැලි නො වන ජීවිතය ගැන ගැඹුරට කල්පනා කළ ද, එය එළියට නො හඟවන, සරල දිවි පැවැත්මකට කැමති, එහෙත් ජීවිතය විදින්නට ඉතා ආසා කෙනෙකි. ඇයත් ඇයගේ පෙම්වතාත් අන්යෝන්ය වශයෙන් දෙදෙනා දෙදෙනාට ආදරය කරති. එය අතිශයෙන් ම අවංක ආදරය කැයි සිතෙන තරමට අධ්යක්ෂවරයා කරුණු ගෙනහැර පායි. නමුත්, දිනපතා ම නැතත් හමු වූ බොහෝ අවස්ථාවල දෙදෙනා අඹු සැමියන් ලෙස ලිංගිකව හැසිරෙති. ඒ සඳහා ඔවුන් දෙදෙනා භාවිත කරන්නේ ලඳු කැලෑවක හෙවනකි. එතැන පැදුරු කඩමාල්ලක් එලා ඒ මත එම කටයුතු සිද්ධ වේ. එහිදී ඇය සම්පූර්ණයෙන් ම නිරුවත් වන බවක් හැඟවෙන රූප රාමු පෙළක් මවන්නට අධ්යක්ෂවරයා කටයුතු කරයි . එය එ පමණට ප්රමාණවත් යැයි සිතේ. ඇය උඩුකය නිරුවත්ව කැමරාවට පිටුපා හැට්ටය අැඳීමෙන් ඒ බව ඉතා ප්රබලව සන්නිවේදනය කෙරේ. ඇතැමුන් හෙළුව ම පෙන්වන ලෙස බල කළ ද, එය චිත්රපටයට ඕනෑවටත් වඩා ප්රමාණවත් ය.
මේ දෙදෙනාම දුගී දුප්පත් නැතත්, ඔවුනට ජීවත්වීමට තරම් ප්රමාණවත් ආදායමක් නැත. රතී ජීවත් වන්නේ දෙමාපියන් සහ සහෝදරිය සමග මහ ගෙදර ය. ඇයට ආහාර සහ සාමාන්ය ඇඳුම් - පැළඳුම් විනා වෙනත් සුඛෝපභෝගී ජීවිතයකට අවශ්ය සැප පහසුකම් සපයා දීමට නිවැසියන්ට හැකියාවක් නැත. ඒ අය ද ආර්ථික අතින් අසරණ ය. රතීගේ පෙම්වතා ද මුදල් හදාල් ඇති කෙනෙක් හෝ ඉහළට උගත් තරුණයෙක් නො වේ. ඔහු ද රැකියා විරහිතයෙකි. වෙනත් ආදායමක් ද නැත. කබල් බයිසිකල් කටුවක් හැර වෙනත් වස්තුවක් හෝ ආදායම් මාර්ගයක් හෝ ඇති බවක් නො පෙනේ.
එහෙත් දෙදෙනා ආදරයෙන් පසුවන අතර නිතර නිතර හමුවී ලිංගික ඇසුරක් ද ලබයි. රති ගමේ කොලුකුරුට්ටන් සමග එක්ව ක්රිකට් ක්රීඩා කිරීමට බොහෝ කැමැත්තක් දක්වන අතර, කොලු කුරුට්ටෝ ද රතී අක්කාට හුරේ දමති. ඇය පොඩි උන්ගේ දුස්රා පංදු වලට ද නො සෑහෙන්නට පහර දෙයි..
දිනක් දුස්රා පංදුවක් රතීගේ පපුව ප්රදේශයට එල්ල වේ. රතී එතැන ම ඇද වැටෙයි. පන්දු යවන්නා තුෂ්නිම්භූත වී බලා සිටි. ඔහු බිය වී ඇත. රතිගේ පෙම්වතා ප්රීති ඝෝෂා කරමින් බලා සිට රතී වෙත පැමිණ රති නැගිට්ටුවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙයි. රතීට සිහි නැත. ඇයට වතුර සත්තුවක් කල ද ඇය ප්රකෘති තත්ත්වයට පත් නො වේ.
රතීගේ පෙම්වතා පන්දු යවන්නා පසුපස හඹා ගොස් උෟව අල්ලාගෙන ඌට තඩි බාන්නට පටන් ගනියි. එවිට රතී අවදි වී එතැනට ගොස් කොක් හඬලා සිනාසෙයි. මෙතෙක් වේලා රතී රඟපෑමක් කල අතර ඒ බව කාටත් දැනුනේ නැත.
චන්න දේශප්රිය මේ මගින් රතීගේ චරිතයේ යම් පැතිකඩක් විග්රහ කරන අතර, රතීගේ පෙම්වතාගේ චරිතය ද විග්රහ කරයි. එනම් රතීට ඉතා හොඳින් ව්යාජ ලෙස රංගන්නට හැකියාව ඇති බව පැහැදිලි වේ... රතීගේ පෙම්වතා " මෝඩ හරකෙක් " බව පැහැදිලි කරයි..ක්රීඩා කිරීමේදී පන්දුව වැදී පිතිකරුවා අසනීප වූ විට පන්දුකරුවාට පහර දෙන්නට සූදානම් වන තරම් ම ඔහු මෝඩයෙකි...ඔහු ක්රීඩා නො කළ අතර, ඔහු නරඹන්නෙක් ව සිට ඔහුගේ පෙම්වතියට එබඳු දෙයක් සිදු වූ විට පන්දුකරුවාට පහර දෙන්නට ඉදිරිපත් වීමට තරම්ම ඔහු අනුවනය...ආත්මාර්ථකාමී ය.
චිත්රපටය පුරා ඔහුගේ නායකත්වයෙන් ඉන් පසුව සිදුවන සියලු දේ ඔහුගේ අනුවණකමේ ප්රතිඵලයන් ය..ඔහුගේ අනුවණකමත් රතීගේ ව්යාජ රංගන හැකියාවත්....එකතු වීමෙන් සියල්ල විනාසයට පත් වේ.
රතී හා සිය පෙම්වතා ඉතා සුළු ආදායමක් ලබාගන්නට ඉතා පහසු ක්රමයක් යොදා ගනී. එනම් ගමේ හන්දියේ තරුණ තම්බි මුදලාලිගේ කඩේ ඉදිරිපිට රතී කුමක් හෝ සොයයි. ඒ ඉතා සියුම් පරීක්ෂාවකි. එය ඉදිකටුවක් සොයන තරමේ සියුම් ය. ඇයට උදව් කිරීමට ගමේ අයියා කෙනෙක් ද, එතැනට පැමිණේ. එහෙත් දෙදෙනා හඳුනන බව මුදලාලිට නො පෙන්වා සිටීමට වගබලා ගනියි.
රතී සොයන්නේ කුමක් ද යන්න අයියා අසද්දී, රතී අයියාට බැන වදී. රතී මුස්ලිම් මුදලාලිට තුරුල් වී, ඇඟපත අතගා, කොමල වී, හාවභාව ලියලා පා, අර අයියාට මුදලාලි ලවා පහර දී එළවා දමයි. එහෙත් ඒ වන විට අයියා සමඟ රණ්ඩු දබර වීමේ දී , නැතිවී ඇත්තේ මුද්දක් බව ප්රකාශයට පත්වෙයි. මුද්ද වඩා වටිනා එකක් නො වන බවත්, එය භාරයක් නිසා ආරක්ෂාවට පළඳින, සුදු යකඩ මුද්දක් බවත් කියයි. අවසානයේ රතී එතැනින් යන්නේ මුදලාලිට තමාගේ දුරකථනයේ අංකය ලබා දී, මුද්ද හමුවූයේ නම් ඇයට දුරකතන පනිවුඩයකින් දන්වන ලෙස ප්රකාශ කොට ය. රතීගේ පෙම්වතා කඩේ අසලට පැමිණ එක්වර ම මුද්දක් ඇහිදගනී . ඔහු හා මුදලාලි මුද්ද සම්බන්ධව බහින් බස් වේ. අවසානයේ මුද්දේ හැඩරුව මුදලාලි කියන නිසා මුදලාලිට මුද්ද දෙන්නට පොරොන්දු වේ. එහෙත් රතීගේ පෙම්වතා ඒ සඳහා කිසියම් මුදලක් මුදලාලිගෙන් ඉල්ලා සිටී.එහි දී රැපියල් පන්සීයක් වැනි මුදලකට මුදලාලිට මුද්ද ලැබෙයි..
පසුව පෙම්වතා ද, රතී ද, අයියා ද එකම බයිසිකලේ ගමන් කිරීමෙන් ප්රේක්ෂකයාට සියල්ල පැහැදිලි වේ. එය කුඩා කෙටි නාටකයක් සේ සුන්දර ය. සිනමා රූපීව රූපගත වී ඇත. මේ තිදෙනා මේ ක්රීඩාව තම ගමට ත්, මේ වන විට අහල ගම් හත අටකටත් සිදුකොට ඇත. දැන් දැන් රතීට නිවසේ සිටින්නට ද නො හැකි තත්ත්වයක් උදාවී ඇත. එක එක මුදලාලිලා මුද්දක් හා තරුණියක් සොයාගෙන රතීගේ නිවසට ද පැමිණෙති. එබැවින් තවදුරටත් එම වංචාව කරන්නට නො හැකි බව රති පෙම්වතාට ප්රකාශ කරන අතර දෙදෙනාම වෙනත් ආදායම් මාර්ගයකට යොමු වේ.
මෙතැන් සිට රතීත්, සිය පෙම්වතාත් නිදහසේ ක්රීඩා කළ අතර, මින් පසුව රතීගේ ජීවිතයට එල්ල වන දුස්රා පන්දුවට පහර දෙන්නට රතීට සිදුවන්නේ මේ නිසා ය.
එනම් රතිගේ විවිධ අඩ නිරුවත් ඡයා රූප සහ විවිධ අැඳුම් ඇඳ මෝස්තර නිරූපණියක් ලෙස පෙනී සිටින ඡායාරූප සකසා ඒවා අන්තර්ජාලයට යොමු කොට එ මඟින් එක් එක් සල්ලාලයින් සම්බන්ධ කොටගෙන, ගණිකාවක් ලෙස රඟපාමින් ඔවුන් ළැඟුම් පොළවල් වෙත ගෙන්වාගෙන අවසානයේ දෙදෙනා සමග එකතුවී, ඒ පුද්ගලයාගේ සියල්ල පැහැරගෙන එම පුද්ගලයාට පහර දී එතැනින් පලා යාම මේ නව ආදායම් මාර්ගයේ ස්වරූපය යි.
මොවුන්ගේ මේ පන්නයේ ප්රථම ගොදුර වන්නේ ව්යාපාරිකයෙක් හෝ රජයේ ඉහළ රැකියාවක් කරන මැදි වයසේ ධනපති මහත්තැන් කෙනෙකු ය.
රතී සමග ලැගුම්හලට යන මහතා රතී විසින් උපක්රමශීලී ඒ සඳහා සූදානම් කෙරේ. රතී සිය සාරිය ගලවා දමයි. මහත්තයා ද ඇදුම් ගලවා දමයි.. රතී හැටිටය ගලවා දමයි. මහත්තයා සියලුම ඇඳුම් ගලවා යට ඇඳුමින් පමණක් සිටියි. දැන් ඔහු රතී පසුපස දුවමින් ඇය අල්ලා ගන්නට තැත් කරයි. රතී ව්යාජ ලෙස හැසිරෙමින් එහෙ මෙහෙ දුවමින් මහත්තයාට මද ඉඩක් ලබාදෙන අතර, යළි යළිත් ඔහුගෙන් ඈත් වේ. ඒ සමගම පෙම්වතා කාමරයට කඩා පැන, මහත්තයාට පහර දී අඩපණ කොට, මහත්තයාගේ මුදල් ද, අත කර බැඳි ඔරලෝසු රන්මාල ආදී සියල්ල ම පැහැරගෙන හෝටලයෙන් එළියට විත්, මහත්මයාගේ වාහනයේ වීදුරුවට ද ගල් පහරක් ගසා දෙදෙනා ම එතැනින් පැන යති..හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ නිලධාරිනිය කණුවකට තබා ගැට ගසා ඇත.
පසුව දැනගන්නට ලැබෙන පරිදි මෙය ලැගුම්හලේ පිළිගැනීමේ නිලධාරිනිය ද කැමති කරවාගෙන සිදු කරන මං පැහැරීමකි. ඇය කණුවට තබා ගැටගසා සියල්ල සිදු කෙරෙන බව හඟවමින් මෙම ක්රියාවලිය ගජරාමයට කරගෙන යාමට රතී සහ පෙම්වතා සමත් වෙති.
දැන් දැන් මේ දෙදෙනාට බොහෝ යහමින් මිල මුදල් ඇත. පෙම්වතා අලුත් පන්නයේ මෝටර් බයිසිකලයක් මිලදී ගනී. රතී ජයට හැඳ පැළඳ ගමන් බිමන් යයි. එහෙත් රතී මෙම ක්රියාවලියට එක්වර ම අකමැති වේ. ඇය බිය වී ඇත. තවදුරටත් මෙම ක්රියාවලිය කරන්නට හැකියාවක් නැති බව කියා, ඇය මෙය නතර කොට ගොවිතැනක් කරන්නට යෝජනා කරයි. පෙම්වතා ඊට අකමැති ය. ගොවිතැන් කරනවා නම් පෙම්වතාට ද ගොවිතැන් කළ හැකි ඉඩ කඩන් ඇත. ඔහු දහඩිය මහන්සියෙන් යමක් උපයාගෙන ජීවත් වන්නට අකමැති කෙනෙකි.
ඇත්ත වශයෙන් ම රතී ඔහුගේ බිරිඳ ය. ඔවුන් විවාහ නො වූවත් අඹුසැමියන් ලෙස ජීවත් වෙති.
මුදු ක්රීඩාව ද නතර වූයේ, ගමේ හා අහලගම් වල කිසිදු හන්දියකට යන්නට නො හැකි වන ලෙස එම වංචාව සිදු කිරීම හා තම්බි මුදලාලි ඇය සොයාගෙන නිවසට ද පැමිණි නිසා ය. දැන් මෙම ක්රීඩාව ද උච්චතම අවස්ථාවට පැමිණ ඇත තවදුරටත් එම ක්රීයාව නො කළ හැකි ලෙස අනන්ත වාරයක් සිදුකිරීම නිසා කිසියම් භයානක තත්ත්වයක් ද උද්ගත වෙතැයි ඇය බිය වී ඇත.
පෙම්වතා තවත් එක් වතාවක් මෙය සිදුකොට නතර කරමු යැයි කියයි. ඒ අනුව දෙදෙනා සාකච්ඡා කොට අවසන් වතාවට මෙම කටයුත්ත කරන බවට සපත කොට, අවසන් ගොදුර වෙත ළඟා වෙති..එය දුස්රා පන්දුවක් බව ඔවුනට නො වැටහේ. එය සාමාන්ය දුස්රා පන්දුවක් නො වේ. අතිභයානක දුස්රා පන්දුවකි...මුත්තයියාගේ දුස්රා පන්දුවකි.
ඒ සඳහා යොදාගන්නේ පෙර පුරුදු ලැගුම් හලම ය. රතීගේ පෙම්වතා මුල් ම සල්ලාලයාට නැවත නැවත තර්ජනය කොට, එදා ලබාගත් වීඩියෝ ජනගත කරන බව පවසා බියකොට කප්පම් මුදල් ලබා ගන්නා අතර, දැන් දැන් මේ පුද්ගලයාගේ නිවසට ම ගොස් ඔවුන්ගේ දරුවන් හා බිරිඳ සමග හිතවත්කම් පා ඉතා රහසේ සැලසුම් සහගතව කප්පං ලබාගන්නට වැඩපිළිවෙලක් සකස් කෙරේ.
දැන් දැන් ඒ දඩ මුදල් රතීගේ පෙම්වතාගේ ගිණුමට බැර වන ආකාරයට මේ තර්ජනය හා බිය වැද්දීම සිදු කෙරේ...
තතු මෙසේ තිබියදී රති හා පෙම්වතා තම ඊළඟ හෙවත් දෙදෙනා ගිවිසුම් ගසා ගත් පරිදි අවසන් ගොදුරු වෙත ළඟාවෙති. ඇත්තට ම මේ දුෂ්රා පන්දුවයි. එයට දැවීයාම ඒකාන්තය. මේ වන විට සල්ලාලයා රතී සහ පෙම්වතාට දඬුවම් දීමට කණ්ඩායමක් යොදවා ඇත. එනම් ලැගුම්හලේ පිළිගැනීමේ නිලධාරිනිය ඇත්තට ම බැඳ දමා, කාමරයේ අහු මුලුවල දාමරිකයින් සිව් දෙනකු සැඟව සිට සියල්ල කණපිට පෙරළා දමති.
එහි දී විශේෂිත සිදුවීමක් සිදුවේ. පෙම්වතා තම ජංගම දුරකථනය රැගෙන සුපුරුදු පරිදි වීඩියෝ කරන්නට සාදාගත් ස්ථානයට යයි. එය වසා දමා ඇති නිසා, ඔහුට වෙනත් ස්ථානයක් සොයන්නට සිදු වෙි.
රතී වයස්ගත පුද්ගලයකු සමග යහංගත වන බව හඟවා පැරණි පුරුදු ක්රීඩාව පටන් ගනී. එවිට ම රතීට වමනය කරන්නට අවශ්ය වේ. රතී නානකාමරයට වැදී , වමනය කරයි. ඇය එහි කවුළුව හැර එහි එල්ලි සිටි තම පෙම්වතාට, තමාට දරුවෙක් ලැබෙන්නට සිටිනවා වන්නට ඇතැයි ප්රකාශ කළ වහා ම තත්ත්වය උඩු යටිකුරු වේ.
එවිට ම කාමරයේ සිටි වයස්ගත පුද්ගලයා රතී ව අල්ලා ගනී. පෙම්වතා කාමරයට කඩා පනී. ඇඳ යට සිටින මිනිහෙකුත් තවත් තැන්වල සැඟවී සිටි, දැවැන්තයෙකුත් කෙසඟ හින්දෑරි එකෙකුත් එළියට පැමිණ රතී හා පෙම්වතාට පහර දෙති.
මේ වන විට රතිගේ පෙම්වතා රතී තරයේ තුරුළු කරගෙන සිප ගනිමින් සිටී. එයට හේතුව ඇය ගැබ් ගෙන සිටීමයි. ඒ ඔහුට දාව රතිගේ කුසේ සිටින දරුවා ය. මේ මොහොතේ පිය සෙනෙහස සහ ආදරය, වගකීම සතුට යන සියලු කාරණා පෙර දැරිව අන් සියල්ල අමතක වී පෙම්වතා විසින් රතීව තුරුළු කරගෙන සිපගෙන සිපගෙන යයි. එය ඉතා අනුවේදනීය ජවනිකාවකි.
දාමරිකයින්ට මේ කිසිවක් අවශ්ය නො වේ. ඔවුන් වහා ඉදිරියට පැන රතී අල්ලාගෙන ඇයගේ දෑත ගැට ගසා, ඇයගේ ඇඳුම් ගලවා දමා ඇය නිරුවත් කරයි. පෙම්වතා දාමරිකයින් සමඟ සටන් කල ද, එය ඔහුට තනිව කළ හැකි දෙයක් නො වේ. දැවැන්තයා විසින් පෙම්වතාට ඔහුගේ දෑතින් අල්ලා පහර දෙන අතර, කෙසඟයා පොල්ලකින් පෙම්වතාගේ බඩට යළි යළිත් පහර දෙයි. පෙම්වතා අඩපණ වේ. දැවැන්තයා විසින් රතීගේ පෙම්වතා ඔසවාගෙන ගොස් තවත් ආගාධයක් බඳු විශාල පල්ලමකට අතහරියි. මේ සියල්ල බලා සිටිය දී, කණ්ඩායමේ ලොක්කා ඉතා අමානුෂික ලෙස ඇතිව දුෂණය කරයි. රති දුෂණය වෙද්දී ඇය විලාප තබමින් තම පෙම්වතා මරා දමන ආකාරය බලා වැලපේ...ඒ අතර අමානුෂික ලෙස දූෂණය සිද්ධ වෙයි. අනතුරුව දැවැන්තයාගේ වාරයයි. දැවැන්තයා ඇය මේසයක් මත තබා ඇයගේ පිටුපසින් ඇය අමානුෂික ලෙස දූෂණය කරයි. ඉන් පසුව කෙසඟාගේ වාරයයි. ඔහු ද රතී ව ඇඳ මතට දමා දූෂණය කරයි... අනෙකා මදක් ස්ත්රී /ලාස්ය හැඩතල ඇති කෙනෙකි. ඔහු අවසන් වතාවට රතී දූෂණය කරන්නට එන විට රතී ට සිය නිරුවත වසා ගැනීමට තිබුණේ ඇඳ ඇතිරිල්ලක් පමණි. ඇය එය පොරවාගෙන පෙට්ටියක් උඩ වාඩිවී වැළපෙයි. ලාස්ය පුද්ගලයා එළියේ සිටින තම මිතුරන් තිදෙනාට ඇසෙන්නට ඇයට කෑ ගසන්නට යැයි කියා ඇය කකුල් දෙකෙන් අල්ලා සොලවා පද්දමින් ඇය දුෂණය කරනවා යයි එළියට හැඟෙන්නට රඟපෑමක් කරන අතර, රතී ඒ පුද්ගලයා කෙරෙහි පැහැදීමක් ඇති කරගනියි.
එතැන් සිට ලාස්ය පුද්ගලයා රතීට කෑම බිම ගෙනත් දීමට ද, වතුර පෙවීමට ද, උදව් උපකාර කිරීමට ද පෙළඹෙි. මේ බව කණ්ඩායමේ අනෙක් අයට සැක සංකා ද මතු වේ. මැරයින්ගේ බලාපොරොත්තුව මැය ගණිකා මඩම කට අලෙවි කිරීමට ය. ඒ අනුව ඇය මැඩම් කෙනෙකුට පෙන්වන අතර එහි දී ඇතිවන අරගලය තුළ මැඩම් ඇයට යස පාඩමක් උගන්වමි යැයි තීරණය කොට පිටව යයි.
ලාස්ය පුද්ගලයා සබන් කෑල්ලට යතුරේ අච්චුව ගෙන යතුරක් කප්පවාගෙන ඇය මෙතනින් වෙනත් තැනකට ගෙනියන්නට කටයුතු කරයි.
===================================
චිත්රපටයේ පිරිමි පිළිබඳ අපූරු විග්රහයක් ඉදිරිපත් කෙරේ. ගමේ පෙම්වතා ඇය ගමේ ගස් ගල් යට දී ඇයගේ කැමැත්තෙන් ඇය අපහරණය කරයි..( කැමැත්ත පිට දූෂණය කරයි) ඇය යොදවා මුදල් උපයා ගනී..
කඩවල මුදලාලිලා ද උත්සාහ කරන්නේ ඇය සමග යහං ගත වන්නට ය.
පළමු සල්ලාලයා ( ෂ්යාමි ප්රනාන්දු) විවාහකය. ඔහුට දරුවන් සිව් දෙනක් සිටිති.. තවත් දරුවෙක් ලැබෙන්න බිරිඳ ගැබ්බර වී සිටි. ඒ කටයුතු එසේ තිබිය දී, ඔහු රතී සමග ලැගුම් හලට පැමිණ ඇඹලයකුසේ හැසිරෙයි. ඔහුට ඇත්තේ කිසිදා සංසිඳෙන්නේ නැති අපූරු කාමාසක්තතාවකි.
ඔහු රතී සහ පෙම්වතා විනාශ කරන ලෙස කොන්ත්රාත්තුව දෙන දාමරිකයන් සිව් දෙනාගෙන් මූලිකයා වයස්ගත පුද්ගලයෙකි. රතීගේ පෙම්වතාට අනෙක් අය පහර දෙද්දී, රතී ඒ දෙස බලාගෙන වැලපෙද්දී, ඔහු රතීව අමානුෂික ලෙස දූෂණය කරයි.
තඩියා ඇය දුෂණය කරන්නේ මේසයක් මත තබා ය. එය ද අමානුෂික දුෂණයකි. කෙසඟා ද ඇය දූෂණය කොට ඉන් නො නැවතී, කනුවේ ගැට ගසා සටින මුස්ලිම් පිළිගැනීමේ නිලධාරිනිය ඉදිරිපිටට නිරුවතින් ගොස් ඇයගේ ඇස් ඉදිරිපිට තම ලිංගය සොළවා පෙන්වයි..
මේ අමානුෂික, නූගත්, අපරාධකාරයින් සිව් දෙනා එතනින් නො නැවතී මැය ගණිකා මඩමකට අලෙවි කරන්නට සැලසුම් කරයි.
රතීට වැටුණු දුෂ්රා පන්දුවේ තරම දැන් වැටෙහේ. කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොටා ගිහින් කෙසෙල් ගසට කෙටූදා හොට පැටලෙනවා යන පැරණි පිරුළ කෙසේ වෙතත්, කර්මය අනුව කළ කළ දේ ඵල ඵල දේ යැයි කීවාට ස්වභාවධර්මය මෙබඳු සමතුලිත කිරීම්ද කරන බව සැබෑ ය.
අතේ පයේ කර්මාන්තයක් කරගෙන අහිංසක, සාධාරණ ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබිය දී, වංචාවෙන් අනුන් රවටා, මං පහරමින් කිසිදා ජීවිකාව ගෙනගිය නො හැකි බව වටහා ගත යුතු ය. සිනමාකරුවාගේ පරමාර්ථය එබඳු සදූපදේශයක් දීම ම නො වේ. ඔහු පුරුෂෝත්තමවාදී සමාජය කීතු කීතු ඉරා විශ්ලේෂණය කොට විග්රහ කරයි.
-----------------------------------------------------------------------
ලාස්ය පුද්ගලයා රතීට උදව් උපකාර කොට, ඇය රැගෙන තවත් තට්ටු නිවාසයකට ගෙන ගොස්, ඇයට ලස්සන ඇඳුම් පැළඳුම් ගෙනැවිත් දී, සරසා, සැප පහසුවට ඉන්නට තැනක් සපයා දී, බලහත්කාරයෙන් ඇයව ගණිකා වෘත්තියේ යොදවා විශාල මුදලක් උපයා ගනී.
මේ වන විට ඉතිරි දාමරකයින් තිදෙනා මේ දෙදෙනා සෙවීම අරඹා ඇත. එම මුදල් විවිධ ප්රතිශතයන්ට බෙදා වෙන් කරගනිමින් සිටියදී, රතී ඔහුට පහර දී, ඇයට ගෙදර යාමට අවශ්ය බව කිය යි. එවිට ම අනෙක් දාමරිකයෝ දොරට තට්ටු කරති. දෙරේ සවිකර ඇති කාචයෙන් සියල්ල දැක බලා ගත හැක. දැන් පැමිණ සිටිනුයේ අනෙක් දාමරිකයින් තිදෙනා ය. මේ රාත්රිය යි. ලාස්ය පුද්ගලයා දොරේ කාචයට ඇහැ තබා බලන විට ම එළියෙන් ඇසට වෙඩි තබයි. ලාස්ය පිංපියා එතැන ම මැරී වැටෙන අතර, කාචය පිහිටි තැන දොරේ විශාල සිදුරක් ඇතිවෙයි. රතී බියෙන් ඇලලෙමින් කෙසේ හෝ දිග පිහිතලයක් අතට ගෙන දොර අසල සැඟව සිටී. එළියෙන් වෙඩි තැබූ වයස්ගත දාමෙරිකයා හිලට ඇස තබා බලන විට ම එක්වර ම රතී හිල ඇතුළෙන් පිහිය යවා ඇසට පිහියෙන් අනී.
ඔහු ඇහැ බදාගෙන වැටෙන අතර වහා දොර අරින රති පොල්ලකින් ගසා දාමරිකා ඝාතනය කරයි. තඩියා සහ කෙසඟා ද පැන ගොස් වාහනයක නැගී පලායති. . රතී පාරට පැන පාර දිගේ වේගයෙන් දුවයි...
--------------------------------------------------------------------------
මෙය එක්තරා තැනක දී, " ඇගේ වෛරය " නම් වූ චිත්රපටයේ අන්තර්ගතයට සමීප වන්නට තැත් කරන අතර, මෑතක දී තිරගත වූ දමිතා අබේරත්න රඟන චිත්රපටයක කතා වින්යාසය මීට සමාන ය. දමිතා බස් රථවල දී මුදල් හදල් ඇති පිරිමින් සමඟ හාද වී, ඔහු තම නිවසට කැඳවාගෙන එයි. කාමරය වැදී ලිංගික චර්යා කරන්නට ආසන්න වෙත් ම, දමිතාගේ සැමියා පැමිණ පිස්තෝල පෙන්වා අර මිනිසා බියකොට, ඔහුගේ මුදල් හදල් සහ ඔරලෝසු, මාල, බේස්ලට් සියල්ල ම ගලවාගෙන පහර දී, එළවා දමයි. දිනක මේ ආකාරයට ම දාමරකයින්ට දෙදෙනා ම හසු වී නොයෙක් හිරිහැර කරදර විඳින්නට සිදුවේ. එබැවින් මෙම චිත්රපටියේ අන්තර්ගතය නැවුම් නැත.
-----------------------------------------------------------------------
දැන් චිත්රපටයේ ආරම්භක දර්ශනය වෙතට යොමුවෙමු. චිත්රපටය ආරම්භයේ දී ම ප්රේක්ෂකයා දකින්නේ, ගැබ්බර රතී පොඩි ළමයින් සමග ක්රිකට් සෙල්ලම් කරන රූප රාමුවකි. ඇය තඩි බඩකුත් දරාගෙන ක්රිකට් සෙල්ලම් කරයි. විකට් අතර වේගයෙන් දුවයි.
එක්වර ම ඇයට විලරුදාව ඇතිවේ. ඇය බිම හාන්සි වී බඩ අල්ලාගෙන විලාප තබයි. වහා ම අැය ට්රැක්ටරයකින් ආරෝග්ය ශාලාවට රැගෙන යයි. එතැන් සිට චිත්රපටය විකාශය වන්නේ පශ්චාත් දෘෂ්ටිකථන රීතිය අනුව ය. එනම් අතීතාවර්ජනයක් ලෙස ය. චිත්රපටය එතැනින් ඡේදනය වන්නේ, ඇය මුද්ද නැතිවී සොයන දර්ශනයටයි...
------------------------------------------------------------------------
දැන් නැවතත් ආරෝග ශාලාවේ ට්රිකට් ගැසූ පොඩි උන් රතීව බලන්නට පොරකති. නර්ස් නෝනා පොඩිවුන් එලවා දමන අතර, උන් මැදින් අත්වාරුවක් අතැතිව නොන්ඩි ගසමින් ඉස්පිරිතාලයේ කාන්තා වාට්ටුව දෙසට එන්නේ රතිගේ පෙම්වතා ය. දැන් ඔහු රතිගේ ස්වාමිපුරුෂයා විය යුතු ය. එවට ම රතී ඉතාමත් මහා හඬින් විලාප තබමින් විලි රුදාවෙන් කෑ ගසයි. අැය එක්වර ම නිශ්ශබ්ද වන්නේ බබා ලැබුණු නිසා හෝ ඇය මිය ගිය නිසා බව ප්රේක්ෂකයාට සන්නිවේදනය වෙයි. චිත්රපටය අවසන් වේ.
----------------------------------------------------------------------
රතීගේ කුසේ පිළිසිඳ ගත් දරුවා ගබ්සාවන්නට ඇත. ඇයට එතරම් වද හිංසා පමුණුවමින් බොහෝ පිරිමින් ඉතා අමානුෂික ලෙස ඇයව දූෂණය කරද්දී කුස තුළ කළලයක් පැවතිය නො හැක... නමුත් මේ දරුවා ඇයව දූෂණය කල දාමරිකයෙකුගේ විය හැකි ය.. එසේම මේ දරුවා තම පෙම්වතාගේ දරුවෙකු ද විය හැකි ය..කෙසේ වෙතත් වැදගත් වන්නේ ඇය දරුවෙකු ප්රසූත කළ බවයි.
======================================
මෙම චිත්රපටයේ රංගනය පිළිබඳව කතා කිරීමේදී " රතී " ගේ භූමිකාව ඉතා ප්රශස්ත ලෙස නිරූපණය කළ තිලක්ෂණී රත්නායක රූපණවේදිනීය ඉතා ම වැදගත් වේ.
ඇය චිත්රපට ක්ෂේත්රයට නවක ය. එහෙත් ඇය " " ප්ලේ හවුස් " හී විධිමත් ලෙස රංගනය හදාරන ලද , මීට පෙර චිත්රපට කීපයක ම සරල රංගනයක නිරත වූ කෙනෙකි.
" උසාවිය නිහඬයි " වාර්තා රංගයේ රඟපෑමට වඩා ඇය එහි පෙනී සිටියා යැයි කීම නිවැරදි ය. " සඳගිනි අරන් " හි ඇයටත්, ප්රේක්ෂකයාටත් දෙපිරිසට ම නො තේරෙන භූමිකාවක ඈ නිරත වූවා ය. විශම භාග චිත්රපටයේ ඇය පෙනී සිටියේ ගුරුවරියක ලෙස රූපරාමු දෙකක පමණි . ටෙලි නාට්ය සුළු ප්රමාණයක විවිධ චරිත රඟපෑ තිලක්ෂණි, කෙටි චිත්රපට කිහිපයක ද සිටිනු දක්නට ලැබුණි. එහෙත් ඒ එකකවත් අැය මතු නො වී ය. " කොඩි ගහ යට " ටෙලි නාට්යයයේ ද ඇයගේ රංගනය එතරම් ප්රශස්ත නැත..
නමුත් " දුස්රා " හී තිලක්ෂිණී ඉතාමත් සාර්ථක රංගනයක නිරත වෙයි. එය අත්දැකීම් බහුල, ප්රවීණ , රූපණවේදිනියකගේ රංගනය හා සැසඳේ. ස්වර්ණා, අනෝජා, වීනා, මාලනී සහ සුවිනීතා මට්ටමේ ප්රවීණ, ප්රතිභා පූර්ණ නිළියක් තුළ දක්නට ලැබෙන රූපණ හැකියාවක්, කුසලතාවක්,සහ අපූර්වත්වයක් ඇය මෙම රතීගේ චරිතය නිරූපණයේ දී පෙන්වයි. තිලක්ෂිණී රත්නායක ජයවේවා...දුව...
ඒ හැර සමස්ත චිත්රපටය පුරා ම විශේෂිත රඟපෑමක් දක්නට නැත. නමුත් කිසිවෙකුත් තම තමන් රඟන චරිත හා භූමිකාවලට හානියක්, අසාධාරණයක් කරන්නේ ද නැත. එහෙත් " වාව් " යැයි කියා බදාගන්නට තරම් අපූර්වත්වයක් තිලක්ෂිණී හැර අන් අයගේ රංගයන් තුළ නො මැති බව මගේ හැඟීමයි.
පෙම්වතා - සජිත, සල්ලාලයා - ශාමි ප්රනාන්දු , තඩියා - සුමෝ සහ කෙසඟා - රුවන් මඳ නායක ද, වයස්ගත දාමරිකයා ද, ලාස්යයා ද ඒ ඒ චරිත වල සාධාරණ යැයි සිතෙන පරිදි ජීවත් වෙති. එහෙත් ඒවාට අපූර්වත්වයක් එක් කරන්නේ නැත. එනම් පෙර නොවූ විරූ බවක් එකතු නොකරයි...ඒවා අසහාය (Unique)නැත.
DOP ගේ රාජකාරී අකුරට ඉටු කර ඇත. එයට හේතුව චන්න ද අති දක්ෂ DOP කෙනෙකු වීම විය හැකි ය. සංස්කරණය අතින් ද ඉතා ඉහළ ප්රතිභාවයක් පා ඇත. කලා අධ්යක්ෂවරයාගේ දක්ෂතා ද ඉතාමත්ම පුශස්ත වේ. ඔහු ගේ සිද්ධි හා අවස්ථා යාවත්කාලීන කිරීම ඉතාමත් ම නිවැරදි ය. සිත් ගන්නා සුළු ය.
කෙසේ වෙතත් චන්න දේශප්රිය ද මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂවරයෙක් ලෙස එම කැටගරියට ඇතුළත් වන්නේ ද නිරායාසයෙන්ම ය.
එහෙත් එක ම එක ගැටළුවක් මතුවෙයි . මීට පෙර කී දමිතා රඟපෑ චිත්රපටියේ අන්තර්ගතය සහ සිදුවීම්වල සමානතාව හේතුකොටගෙන මෙහි නැවුම් බව කෙලෙසී ඇත..
ජාතක කතා වල සිට ම තවමත් කලා නිර්මාණ වලින් සාකච්ඡාවට භාජනය කෙරෙන්නේ ගැහැණු - මිනිසුන් තුළ පවත්නා පොදු දුබලතා හා ප්රබලතා ය. ඊට " දුස්රා " චිත්රපටය ද කදිම නිදසුනකි.
ලාස්යයා රතිව දූෂණය නො කොට හිතවත්කම් පෑවේ, ඇය ගණිකා වෘත්තීයේ යොදවා මුදල් ඉපයීමට ය. මුල සිට ම ඔහුගේ පිංපි බව පෙනෙන්නට තිබුණි. සත්ය වශයෙන් ම ඔහු රතී සමඟ ලිංගික ඇසුරක් නො පැවැත්වූයේ ඇය පිළිබඳ අනුකම්පාවට හෝ එසේ කිරීම නො හොබිනා යැයි සිතූ නිසා නො වේ. ඔහු ස්ත්රීන්ට අකමැති චරිතයක් වන නිසා බව ඔහුගේ චරිත ස්වභාවයෙන් පැහැදිලි වේ. ඔහුගේ රංගනය නම් එතරම් ප්රශස්ත මට්ටමේ රංගනයක් නො වේ.
මෙරට චිත්රපට ඉතිහාසයේ තවත් මතකයේ රැඳෙන කලාත්මක සිනමා කෘතියක් ලෙස දුස්රා සම්භාවනාවට පත් වේ. එහෙත් තවමත් නව සිනමාකරුවන්ට..හඳගමගේ "අක්ෂරය " පරයා යන කෘතියක් නිපදවන්නට හැකිවී නැත. ඒ ඛේදවාචකයකි.
දුස්රා චිත්රපටය සෘජුව ම සම්බන්ධ වන්නේ, ආර්ථික දරිද්රතාව ඔස්සේ මිනිසුන් තුළ පවත්නා මානව සම්බන්ධතා, සාරධර්ම පිරිහී යාමත්, ඒවා වියැකී ගොස් මිනිසා අත ගැසූ අත්තත්, පය ගැසූ අත්තත් අහිමිව විකාර ලෝකයක අතරමං වී විකාරයක් සේ හැසිරෙන ආකාරය විග්රහ කිරීමට ය....
 
මුදූ රංජිත් ද සිල්වා
Back to top
Go to bottom

Popular News