lan englan tam

පුවත්

රූකා - ලේඛාට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවෙන් සම්මාන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කරනු ලැබිණි.

මෙම කලාකරුවන් දෙදෙනා වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු අතර එම උත්සවයට ව්‍යාවස්ථාදායක සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායක ඉවාන් මුල්හොලන්ඩ් මන්ත්‍රිවරයාගේ සත්කාරකත්වය ලබා දී ඇත. එරට විපක්ෂ නායක ජෝන් පෙසුටෝ හා රිචඩ් වෙල්ඩ් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.
එරට පාර්ලිමේන්තුවෙන් ලැබුණු ඉහළම ගෞවරය වන අතර මෙරට කලාකරවකු එවැනි ගෞවරයක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ. මෙහිදී රූකාන්ත - චන්ද්‍රලේඛාගේ දියණියන් වන රයිනි ගුණතිලක හා වින්ඩි ගුණතිලකටද, බෑණනුවන් වන සංගීතවේදී සනුක වික්‍රමසිංහටද විශේෂ සම්මාන පිරිනැමිණි.

Source: Lankadeepa

Back to top
Go to bottom

Popular News