lan englan tam

පුවත්

'චරන්දාස් චෝර්' සැප්තැම්බර් 02 සුදර්ශියේදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල විසින් නිර්මාණය කරන ලද 'චරන්දාස්' නාට්‍යයේ ඉන්දියානු නාට්‍යය 'චරන්දාස් චෝර්' සැප්තැම්බර් 02 වැනිදා රාත්‍රී 07ට සුදර්ශි එළිමහන් රංග පීඨයේදී සුදර්ශී පාලක මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ඇතිව රඟදැක්වීමට නියමිතව තිබේ.

චරන්දාස් චෝර් අද (31) වේදිකාගත කිරීමට නියමිතව තිබුණද එය හදිසියේ නැවතුණේ නාට්‍යයේ ඉන්දීය රංගන ශිල්පීන්ට වීසා නොලැබීමේ තත්ත්වයක් උඩදීය.
ඉන්දියානු නාට්‍යවේදී හබීබ් තන්වීර්ගේ "චරන්දාස් චෝර්" රඟ දැක්වෙන්නේ ප්‍රවේශපත් අලෙවියකින් තොරව නොමිලේය.
නාට්‍ය දර්ශනය ජම්මු-කාශ්මීර් නාට්‍ය කණ්ඩායමක් වන "නූතන් ප්‍රයාස් මන්ච්" විසින් රඟ දක්වනු ලැබීමට නියමිත අතර නාට්‍යයේ අධ්‍යක්ෂක අනුරූප් පතානියා යන තරුණ කාශ්මීර අධ්‍යක්ෂවරයා වේ.

Back to top
Go to bottom

Popular News