lan englan tam

පුවත්

සාහිත්‍යකරුවන් සමග පාඨකයින්ද අගයන 'විදර්ශන'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පළමු විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 හෙට (01) සවස 06ට බත්තරමුල්ල, වෝටර්ස් එජ්හීදී පැවැත්වේ.

'විදර්ශන සාහිත්‍ය ත්‍යාග' උත්සවයේ විශේෂ ආරාධිතයන් 200 දෙනකු සිටින අතර විදර්ශන අධිපති ජනක ඉණිමංකඩ පවසන්නේ ඒ අතර සුවිශේෂී දෙදෙනෙකු වන බවය.
1997 වසරේ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය ඇරඹි දින පටන් අඛණ්ඩව ආයතනය සමඟ සිටි පාඨක පිරිසේ දෙදෙනෙකුට සියලු පාඨකයන්ට ගෞරව පිණිස උත්සවයේ විශේෂ අසුන් පැනවෙන බව ඔහු පවසයි.
ඒ පිළිබඳව ඔහු මෙසේ සඳහන් කරයි.
"වසර 27ක 'විදර්ශන' ඉතිහාසයේ එහි නැගීම් - වැටීම්, ජය - පරාජයන් මැද නිරන්තරව එය දිරිමත් කළ විශාල පිරිසක් වෙති.
'විදර්ශන ප්‍රකාශන' වෙත බැඳුනු, එයට ආදරය කරන, ගෞරව කරන සුවිශාල රසික - පාඨක පිරිසෙහි තරම පෙන්වන එක් අවස්ථාවකි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී 'විදර්ශන ප්‍රකාශන' කුටිය තුළ පිරී ඉතිරෙන මහා පාඨක පිරිස.
එබැවින් මේ සුවිසල් පිරිසේ සියල්ල නියෝජනය කරනු පිණිස දෙදෙනෙකු තෝරා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් විය.
අවසානයේ මගේ තේරීම වූයේ 27 වසරක් අඛණ්ඩව 'විදර්ශන ප්‍රකාශන' හා එක්ව සිටි, 27 වසරක් එය පළ කළ කෘතීන් ගොන්නෙන් වැඩිම ප්‍රමාණයක් මිලදීගෙන කියවූ පිරිස අතරින් සුවිශේෂම දෙදෙනෙකි.
ඒ ඉන්ද්‍රා අධිකාරි මැතිණිය හා රුක්මල් ගමගේ මිතුරාය."

Back to top
Go to bottom

Popular News