lan englan tam

පුවත්

Mangilogy උත්සාහයේ - ආදරයේ ප්‍රතිඵලයක් - තුශාරා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මංගල මොහොතක් යළි ඔබ අතරට රැගෙන එන්නට අවකාශය ලැබුණේ ඒ මිනිස් සමූහයේ උත්සාහයේ සහ ආදරයේ ප්‍රතිඵලයක් වශයෙන් බව තුෂාරා සෙව්වන්දි විතාරණ පැවසුවා ය.

තුෂාරා මෙලෙස පැවසුවේ පසුගිය 23වන දින කොළඹ 07 කදිරගාමර් ශ්‍රවණාගාරයේ දී, මංගල සමරවීර අප අතරින් නික්ම ගොස් තෙවසරක් සැපිරීම නිමිත්තෙන් පැවති ‘මංගල මොහොතක්’ යන මැයෙන් වූ මංගල අනුස්මරණ අවස්ථාවේ ස්තුති කතාව පවත්වමිනි.
මතු දැක්වෙන්නේ ඇගේ ස්තුති කතාව ය.



සැබෑ දේශ ප්‍රේමයේ ධජය

‘‘මම මංගලගේ සඳහනකින්ම මගේ ස්තූති කතාව ආරම්භ කරන්නම්.

PHOTO 2024 08 28 14 07 31

ඒ ධජය, ඒ පියවර ඉදිරියට රැගෙන යන්න ස්තූතියක් බලාපොරොත්තු නොවන නමුත් නිතැතින් ම ස්තූතියක් ලැබිය යුතු මංගලගේ පවුලේ ඥාතීන් සියලු දෙනාටත්, මංගලගේ දේශපාලන මිතුරන් ද, මංගල සමග උරෙන් උර ගැටී වැඩකල කාර්‍ය්මණ්ඩල සමාජික සමාජිකාවන්ට ද, මංගල පිළිබඳ විශ්වාසය තැබු සියලු මිනිස්සුන්ටත් විශේෂයෙන්ම සුප්‍රීම් TV ආයතනයට සහ අද ඔබ වෙත ලැබෙන මතක තිලිණයට ද දායක වූ මංගලගේ මිතුරාට ද ලීඩර් කණ්ඩායම වෙනුවෙන් මගේ ස්තූතිය පිළිගන්වනවා.

එකමුතුභාවයෙන් වැඩ කළ යුතු මොහොතක්

260172636 1908091179352129 2255352694846398404 n

ඒ සමඟම සඳහන් කළ යුතු ම කරුණක් වන්නේ මංගල පුරාවෘත්තයක් වන්නට මං තැනු ඔබත් මමත් අප අතර ගැවසෙන මිනිසුන් එකිනෙකා මුණගස්වන කතාන්දර එකින් එක පෙළ ගස්සන ඒ මංගල කාරණාවන්ට සාක්ෂි දරණ ජීවමාන දේශපාලන පුරාවෘත්තයටත් මම මගේ ගෞරවය ස්තූතිය පළ කරනවා.

මට ඉඩ දෙන්න ඔබට පුංචි සුරංගනා කතාවක් කියන්න. සමහරවිට ඔබ දැනටමත් මේ කතාව අහලා තියෙන්න පුළුවන්. ඒ The wizard of oz නම් සුරංගනා කතාවයි.

PHOTO 2024 08 28 14 07 32
The wizard of oz

බලාපොරොත්තු නොවු සිද්ධිදාමයකට මුහුණ දෙන කැන්සැස් ප්‍රාන්තයේ වෙසෙන ඩොරති ගේල් නම් දැරිය තමන්ගේ නිවසට යන නිවැරැදි මාර්ගය සොයායන ගමනේ දී හදවතක් අවශ්‍ය කර තිබෙන ටින් මිනිසාත්, මනසක් අවශ්‍ය කර තිබෙන පිදුරු මිනිසාත්, ධෛර්යක් අවශ්‍ය කර තිබෙන සිංහයෙකුත් හමුවෙනවා. ඩොරතිගෙ වික්‍රමාන්විත ගමනක අවසානයේ දී: ටින් මිනිසාට හදවතකුත්, මනසක් අවශ්‍ය පිදුරු මිනිසාට මනසත්, සිංහයාට ධෛර්යත්, ඩොරතිට තමන්ගේ නිවසට යන මාර්ගය ද හමුවෙනවා.

PHOTO 2024 08 28 14 07 53

 

ඩොරතිගෙ කතාවෙ දි වගේම අද දවසේ අප කතා සාරාංශය තුළ අප රටේ සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය කරා යන්නට නම් සංහිඳියාවට සංවේදී හදවත් ඇති මිනිස්සුන් ද, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිවැරැදි මනසක් සහිත මිනිස්සුන් ද එකමුතුභාවයක් සහිත වැඩ කළ යුතු මොහොතක් වෙත අප පැමිණ තිබෙන බව මගේ හැගීම යි. 

ඩොරති දැරිය ගායනා කරන Somewhere Over the Rainbow කියන ගීතය, මම අර කලින් කියපු The wizard of oz නැමති සුරඟන කතාවේ එන ගීතයක්.

මීට වඩා හොඳ අනාගතයක් පිළිබඳ සිහින දකින්න පැවසූ ඒ මංගලගේ දේදුන්නටත් ඔබ්බෙන් ඇති ඒ සිහිනයේ උපත ගැන මංගලම පවසාවී.

Back to top
Go to bottom

Popular News