lan englan tam

පුවත්

'මන්දාකිණියක කීප දෙනෙක්' එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කසුන් සමරතුංගගේ අලුත්ම කෘතිය 'මන්දාකිණියක කීප දෙනෙක්' ඊයේ (03) එළි දැක්විණි.

කාව්‍ය රචකයෙකු ලෙස රසික හදවත් දිනා සිටින කසුන්ගේ පළමු නවකතාව වන්නේ මෙයය.
KBOOKS ප්‍රකාශනයක් වන නවකතාව එහි වෙබ් අඩවිය හරහා කසුන්ගේ සමරු අත්සන සහිතව ඔස්සේ ඇණවුම් කළ හැකි වන අතර https://www.kbooks.lk/Mandakiniyaka-Keepadenek-Kasun 0765515400 අංකය ඔස්සේ දුරකථනයෙන් ඇණවුම් කළ හැකි වේ. සතියේ දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පමණක් දුරකථනය ඔස්සේ ඇණවුම් ලබා දිය හැකිය. අගෝස්තු මස 26 සිට කතුවරයාගේ අත්සන සහිත ඇණවුම් බෙදාහැරීම ආරම්භ කෙරේ.
කවර නිර්මාණය පසන් සමරනායකගෙනි.


"මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ආන්සර් කරලා බැලින්නම් ටී.වී. චැනල් එකකින්. කෙල්ලෙක් කතා කළේ. උන්ගෙ චැනල් එකේ තියෙනවලු සින්දු තෝරන වැඩසටහනක්. ලබන සතියෙ ඒකෙ ආරාධිතයා විදියට සින්දු තෝරන්න මට එන්නලු. මාර වැඩක්නෙ යකෝ මේක !
"ඉතිං මාව ඕකට ගැලපෙනවද? මොකද්ද මට තියෙන සුදුසුකම?" මං තක්බීර් වෙලා ඇහුවා.
"ඇයි නැත්තෙ? ඔබතුමා පිට පිට අවුරුදු තුනක්ම ලංකාවෙ හොඳම මාධ්‍යවේදියා. ඒ වගේම අපේ රටේ ප්‍රධාන පුවත්පතක විශේෂාංග කර්තෘවරයා. ඔබතුමා ඇරෙන්න වෙන කවුද මේකට ගැලපෙන්නෙ?"
අපි වැඩිය නොහිතුවට මේ සම්මාන, තනතුරු එක්ක වෙන මොකද්දෝ එකක් අපේ වටේ කැරකෙන්න පටන් ගන්නවා. අපිව අමතන ආමන්ත්‍රණ පවා වෙනස් වෙනවා. අනේ මන්දා ! මං නිකමට වගේ යූටියුබ් එකට ගිහිල්ලා ඒ වැඩසටහනේ පරණ ඒවා දෙක තුනක් උඩින් පල්ලෙන් බැලුවා. අම්මට හුඩු ! හෙණ බරපතල බුවාලා ඒකට බැහැලා ඉන්නෙ. මාව සෙට් වෙන්නෙ නෑ ඒ වගේ එකකට."

කෘතිය එළිදැක්වීමට පෙර සිටම කසුන් විසින් පළ කරන ලද කෘතියේ විශේෂිත තැන් කිහිපයකි.

Back to top
Go to bottom

Popular News