lan englan tam

පුවත්

සිනමාවෙන්ම නම් තැබූ සිලෝන් තියටර්ස් පුරුක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට ප්‍රමුඛ පෙළ ව්‍යවාසයකුව සිටි ඇන්තනි අශෝක්කුමාර් පේජ් පසුගිය ඉරිදා අභාවප්‍රාප්ත විය. ඔහුට අශෝක්කුමාර් යැයි නම් ලැබුණේ මෙරට දෙවැනි කතානාද චිත්‍රපටය වූ අශෝකමාලා නිසායැයි වරෙක ඔහු මට පැවසුවේය. එය නිපදවූයේ ඔහු පසුකලක සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මඟින්ය. දේශිය සිනමා කර්මාන්තයේ නියැලි ඔහු දන්න් බොහෝ දෙනා ඔහුව හැදින්වූයේ බබා යන ආදර නාමයෙන්ය. කොටින්ම ඇන්තනි පේජ් නමට වඩා ප්‍රචලිතව තිබුණේ බබා පේජ් නමින්ය.

දේශිය සිනමා ව්‍යාපාරය ගොඩ නැගූ සීමාසහිත සිලෝන් තියටර්ස් සම නිර්මාතෘ චිත්තම්පලම් ඒ්.ගාඩිනර් ගේ මුණුබුරු ව උපන් ඇන්තනි ට බබාැයයි විරුදාවලිය ලැබුණේ ළමා වියේදීය. ඒ් තම මුත්තනුවන් වූ සර් ගාඩිනර් ගේ මෙන්ම පසුකලෙක සිලෝන් තියටර්ස් සභාපති පදවියට පත්ව සමාගම නව මාවතකට ගෙනා පියා වූ ඇල්බට් පේජ් ගේ අතේ එල්ලී කොළඹ 2 කොම්පඥ්ඥ වීදියේ ව්‍යාපාරික කාර්යාලයට පිවිසි කාලයේ සියල්ලෝම හරතලයට බබායැයි ඇමතීමෙනි. ඇන්තනි පේජ් නමින් බ්‍රිතාන්‍ය සිනමාකරුවෙකු මෑත භාගයේ බිහිවිය.

ඔහු විසින් නිර්මාණය කරන ලද ‌ෆොබ්ඩ්න් නම් චිත්‍රපටය මා නැරඹුවේ චිත්‍රපට සංස්ථාවේ එවකට පැවැති මිනි සිනමාහලේ දීය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ගේ නම ඇන්තනි පේජ් යනුවෙන් සදහන් වෙද්දී මට යාබද අසුනේ සිටි චිත්‍රපට සංස්ථාවේ එ‍වක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතා මහ හඩින් පැවසුවේ බබා යනුවෙනි. ඇන්තනි පේජ් ට බබා යනුවෙන් හදුන්වනු මා දැන ගත්‌තේ එදාය. මට ඔහු දැන හඳුනාගන්නට ලැබෙනුයේ සිලෝන් තියටර්ස් සමාගමේ එවක ප්‍රචාරක කළමනාකරු ව සිටි තුසිත ද අල්විස් මාර්ගයෙනි. මේ හැඳුනුම්කම නිසාම වතාවක ඔහු සමග සරසවිය පුවත්පතට සාකච්ඡාවකට කැම‌ති කරවා ගන්නට මට හැකිවිය. ඒ් වනවිට පැරණි මැජස්ටික් සිනමාහල කඩා බිඳ දමා ඒ් මත මැජස්ටික් සිටි සාප්ුප සංකීර්ණය ඉදි කරන්නට පටන් ගත් සමයයි. සිනමාහල් පවත්වා ගෙන යෑම ඒහි යාවත්කාලිනවීම පිලිබද බොහෝ කරුණු පිලිබද මගේ මතවාද සියල්ලම පාහේ ඔහුගේ සංවාදය අතරතුර වෙනස්වෙමින් පැවතිණ. ඔහු ඉතා විශ්ෂ්ට අන්දමින් සංඛ්‍යාලේඛන අනුව කර්මාන්තයේ අර්බුදය විග්‍රහ කළේය. එය යාවත්කාලින කළ යුතු නම් ඒ් සඳහා ව්‍යවාසයකයකු හැටියට කළ යුතු දේ ද පැවසුවේය. ඒ් වනවිට කොටහේනේ පිහිටි සමාගමට අයත් සෙල්ලමහල් හා ගෙයිටි සිනමාහල් වෙනුවට ( ඒ් වන විටත් ගෙයිට් එක් වැසි දිනක මහ රාත්‍රියේ පොලවට සමතලා ව තිබිණ., ) ජී.එස්.ටවර් නමින් අලුත් සිනමා සංකීර්ණයක් සඳහා සූදානම් ව තිබිණ. සංවාදය අවසානයේ ඔහු මගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ් ලේක් හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පියකු ලවා අලුත් ඡායාරූපයක් රැගෙන දෙන ලෙසටය. ඒ් කාර්යාල මේසය ට ඉහලින් ඒල්ලා තිබුණු සර් ගාඩ්නර් ගේ ඡායාරූපය ත් සමඟ ඔහු අසුන්ඔහු අසුන්ගෙ සිටියදී එ‍යට ඉ හලින් එල්ලා තිබුණු සර් ගාඩිනර් ‌ගේ ඡායාරූපය ද පෙනෙන එකකි. මම ඒ් ඉල්ලීම ඉ ටු කළෙමි.

ඇන්තනි පේජ් සමඟ කළ සංවාදය පළවූයේ එම ඡායාරූපය ඒක්කය. සී.ටී.,ෆිල්ම්ස් නමින් සිලෝන් තියටර්ස් අනුබද්ධිත නව නිෂ්පාදන සමාගමක් බීහ කළ ඔහු එමඟින් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළේය. එහි මුල් චිත්‍රපටය මාලිනි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ස්ත්‍රි චිත්‍රපටයයිත දෙවැනුව ශ්‍රියාණි අමරසේන නිෂ්පාදනයක් වූ එ‍ච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ කුලගෙය චිත්‍රපටයයි. තෙවැන්න යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ ප්‍රතිඥා ය. සිලෝන් තියටර්ස් සමාගමේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් ඔහු සක්මන් මළුව නිෂ්පාදනය කරන ලද්දේ සුම්‍රිත්‍රා පීරිස් ගේ අධ්‍යක්ෂණයක් හැටියටය. කුලගෙය මෙන්ම සක්මන් මළුව ද හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානය දිනා ගැන්මට සමත්විය. 2000 වසරේ දී මෙරට චිත්‍රපට ප්‍රදර්ශණය යළි පෞද්ගලික අංශයට පැවරීමේ කාර්යයේ දැවැන්ත මෙහෙයුමක් කළ අය අතර ඇන්තනි පේජ් ද එක් අයෙකි. ඒ් වෙනුවෙන් මෙරට මුල්ම චිත්‍රපට ප්‍රදර්ශන සමාගම් තුන (සිලෝන් ත්යටර්ස්, සිනමාස්, සිලොන් එන්ටර්ටේන්ට්මන්ට්ස් ) ඒ්කාබද්ධව ආරම්භ කළ සී.(සිනෙ) ඊ.(එන්ටටේන්ට්මන්ට්ස්)එල්,(ලිම්ටඩ් ) ආරම්භක කලමනාකාර අධ්‍යක්ෂ ධරුය දැරුවේ ද ඔහුය.

ලොව සැබෑ ව්‍යවසායකයන් බොහෝ විට සරල ප්‍රසිද්ධිය සොයා නොයති. ඇන්තනි පේජ් ද ඒ් ජාතියේ කෙනෙකි. එකල ඇතැම් වෙලාවක සිලෝන් ත්යටර්ස් කාර්යාලය හා යාබද රීගල් සිනමාහල ඉදිරිපිට මහ මග යන මිනිසුන් දෙස බලමින් නිසොල්මනේ සිගරට්ටුවක් උරන සුදු ඇද ගත් මිනිසකු දැකිය හැකිය. බොහෝ දෙනා ඔහු අදුනන්නේ ද නැත. දන්නා කිසිවකු හෝ දුටු විට පැත්තකට හිස නමා හලෝ යැයි පවසා මද සිනහවකින් සංග්‍රහ කරන්නට ඔහු අමතක කරන්නේ නැත. . ඒ් ඇන්තනි පේජ් යැයි දන්නේ ටික දෙනෙකි.

මෙයට එකොලොස් වසරකට පෙර සිදු වූ හදිසි අනතුරකින් පසු ගෙවුණු කාලයම ඔහු ගත කළේ මරණයත් ජීවිතයත් අතර කෙස් ගසක පරතරයක් තබා ගනිම්න්ය. ඒ් කාලය ඇුතළත ලෝකයේ බොහෝ දේ සිදුවුව ද ඔහු ඒ් ගැන දැන සිටියේ නැත. රීගල් අලුත් සිනමාහල් ඉදිවුණ වගක් හෝ ව්‍යාපාර පරිවර්තන ද ඔහුට දැනුනේ නැත. ඔහු තම දියනියට අංජලී ලෙස නම දැම්මේ ඇය උපන් දින වල මෙරට තිරගත වූ මනිරත්නම් ගේ අංජලී චිත්‍රපටය නිසාවෙන්ය. ක්‍රිකට් ලෝකයකු නිසාම පුත් අරවින්ද යැයි නම් ලද්දේය. 1948 වසරේ මාර්තු 21 වැනි දින උපත ලද ඔහු උපදින සමයේ ඔවුන්ගේ සමාගම මඟින් නිපද වූ දෙවැනි චිත්‍රපටය කපටි ආරක්ෂකයා තිර ගත වෙමින් තිබිණ.

සිනමාවේදී අරුණ ගුණරත්න

Back to top
Go to bottom

Popular News