lan englan tam

පුවත්

මල් පිපිය යුතුව ඇත!!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
විඩාබර ජීවිතය
නිදන ඇසිපිය මතට
නපුරු සිහිනෙක අඳුර
දැනෙන රෑ කලුවරක
සකල පිරිපත නිවා
එතැයි අතැ'ඟිලි නොගැන
හිරුට පෙර හිමිදිරිය
සොයා යා යුතුව ඇත
අළුගෝසු කලුවරට
බිය ව තැතිගෙන දුරක
පළාගිය ජීවිතය
යළිදු කැඳවිය යුතුය
කලු, අඳුරු බිම්කඩට
තරු එළිය වුව වැටෙත
ඉදින් ඒ හිමිදිරිය
නොමැත ඈතක, දුරක
ගනඳුරම හතරවට
පිපේනම් කලුවරට
තව මියුරු ගී කුමට
උදෑසන ගැන අපට
සුළඟ සමගින් යළිදු
සුවඳ කැඳවනු මිසක
සමනලුන් වී කුමට
මල් නොපිපි බිම්කඩක
 
- හැටේ වත්තේ මග්දලේනා (2013) - සෞම්‍ය සඳරුවන් ලියනගේ

kemadasa

shungara

Back to top
Go to bottom