lan englan tam

පුවත්

සන්තියාගෝ නම් සැරිසරන්නාගේ පිටු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජීවිතේ ,හැම තත්පර ම කොහේ හෝ ලියැවී ඇති බැව් පිළිගනිමි...ඇතැම් මොහොතක දී, සිහිනෙන් මෙන් කලින් මෙයම සිදුවූවා සේ ම දැනෙන අවස්ථා දැනී තිබේ..

එහෙයින්, THE ALCHEMIST නොහොත් සන්තියාගෝ නම් සැරිසරන්නා ගේ සිතුවිලි හා කිමිදීම එතරම් අපහසු නොවිණි..එය ධනාත්මක මඟ විවර කරන දැනුම් ප්‍රවාහයකි...සොඳුරු ප්‍රබන්ධයකි..
මේ...උපුටා දැක්වීම් ඔබේ ජීවිතය හා ගළපා ගනු පිණිසය .
" හැම දවසක්ම එළඹෙන දවස හා සමාන වන්නේ, ඉර උදාවන්නා වූ හැම දවසක් පාසාම තම ජීවිතයේ එළඹෙන යහපත් දේවල් හඳුනා ගැනීමට මිනිසුන් අසමත් වන හෙයිනි ." (පි.34)
" සතුටේ රහස කියන්නෙ වෙන මොකවත් නෙවෙයි තමුං අතේ තියෙන තෙල් බිඳු ඉහිරව ගන්නෙ නැතිව ලෝකෙ තියෙන අසිරිය බලාගන්න එකටයි "
(පි.40)
"ඔයාට යමක් හැබෑවටම අවශ්‍ය වෙන කොට ඒ දේ ලබාගන්න ඔයාට උදව් කරන්න මුළු ලෝකෙම පෙළ ගැහෙනවා ." (පි. 50)
" නිමිති අඳුන ගන්න ඉගෙන ගන්න .ඊට පස්සෙ ඒවා අනුව වැඩ කරන්න ." (පි.51)
" හැම දෙයක්ම යොමු විය යුත්තේ, එකම අරමුණක් උදෙසාය ." ( පි.54)
" මක්තුබ් !
එය ලියැවී තිබේ " (පි.70)
" කවදාවත්ම බලාපොරොත්තු නැති කර ගන්න එපා. හැම තිස්සෙම නිමිති අනුව යන්න.(පි.74)
" දිගු වට මං වලින් කොතරම් දුරක් ගෙවන්නට සිදු වූවත් ,කුමනාකාරයේ වෙනස්කම් ,ගැලපීම් කරන්නට සිදු වුණත් තවලම ගමන් කරනු ඇත්තේ, එකම දිශාවකට පමණි .(පි.91)
" හුළඟට වැලි කඳුවල හැඩේ වෙනස් වෙනවා. ඒත් කවදාවත් කාන්තාරෙ වෙනස් වෙන්නෙ නෑ.එකිනෙකා ගැන අපේ තියෙන ආදරෙත් අන්න ඒ වගෙයි" ( පි.120)
" විස වෙන්නෙ මිනිසුන්ගෙ මුවෙන් ඇතුළට යන දේවල් නෙවෙයි.මුවෙන් පිටට ගලං එන දේවලුයි.( පි.143)
"ආලය කිසිම දිනෙක කෙනෙකුව තම ඉරණම ලුහුබැඳ යන ගමනෙන් වළක්වන්නෙ නැහැ .යමෙක් ඒ ලුහු බැඳීම නවත්වනවයි කියන්නෙ ,ඒකෙ තේරුම ඔහු අත් විඳින්නෙ නියම ආලය ,විශ්ව භාෂාවෙන් අමතන නියම ආලය නෙවේය කියන එකයි " ( පි.150)
" රාත්‍රියේ අඳුරුතම පැය එළඹෙනුයේ හරියට ම අරුණෝදයට පෙරාතුවයි.
" ක්ෂිතිජය තුළ ගස් පෙනෙන්නට පටන් ගත් මොහොතේදී පිපාසයෙන් මිය යන්න එපා ." (පි.166)
" නුඹ ළඟ මහා නිධානයක් තියාගෙන, ඒ ගැන අනිත් මිනිස්සුන්ට කියන කොට කලාතුරකින් කෙනෙක් තමයි ඒක පිළිගන්නෙ" (පි.167)
" හදවත ඉටු කරන්නෙ , ඊට පුළුවන් දේවල් විතරයි .( පි.169)
පවුලෝ කොයියෝ ගේ THE ALCHEMIST මඟ නොහැර කියවිය යුත්තේ, මේ උපුටා දැක්වීම් අතළොස්ස හැරෙන්නට,බොහෝ අගනා තැන් තවමත් පොත තුළම සැඟවී ඇති බැවිනි ...ඒවා සොයා සැරිසරන්නට සන්තියාගෝ හා සංචාරයේ..යෙදෙන්නට ඔබටත් ආරාධනා කරමි.!


🧚 චාමිකා මනෝජිනී පෙරේරා

Back to top
Go to bottom

Popular News