lan englan tam

පුවත්

27 සිට Nun other THAN 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ආගමික සහ දේශපාලනික කාරණා පිළිබඳව කාන්තාවකගේ සැබෑ ජීවිතයේ පැතිකඩ කිහිපයක් නිරාවරණය කරන උදන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන Nun other THAN එළඹෙන 27 වැනිදා තිරගත වීම ඇරඹීමට නියමිත්ය.

ශ්‍රී ලාංකේය දේශපාලනයේ 70 දශකයේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වූ තැනැත්තියක වන චිත්‍රා බෝපගේ චරිත කතාව පාදක කොටගෙන නිර්මාණය කරන ලද චිත්‍රපටය කොළඹ PVR සිනමා ශාලාවේදී එළි දැකීමට නියමිතය.
උදන් ප්‍රනාන්දුගේ චිත්‍රපටයක් ප්‍රධාන ධාරාවේ ප්‍රදර්ශනය කෙරෙන පළමු වතාව මෙය වන අතර සැප්තැම්බර් 27 වැනිදා සිට චිත්‍රපටය දිනපතා සවස 06ට තිරගත වේ.
පසුතල නිර්මාණ, රංග වස්ත්‍රාභරණ අතුල සුල්තානාගොඩ, සංගීතය රෝහණ වීරසිංහ, ඡායාරූපකරණය චිරන්මයූ මේදිස්, අංග රචනය මනනුවන් රූපසිංහගෙනි.
ප්‍රධාන නිළි දායකත්වය දිනාරා පුංචිහේවාගෙනි.

Back to top
Go to bottom

Popular News