lan englan tam

පුවත්

SLRC - SLBC සභාපතිවරු පත් වෙති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර අද (25) දිනයේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු, තිරරචකයෙකුද වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හැටියටද කටයුතු කරයි. සෙනේශ් දිසානායක බණ්ඩාර ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී, ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති වශයෙන් උදිත ගයාෂාන් ගුණසේකරද අද දිනයේ සිය වැඩ භාර ගත්තේය.
කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කලා අධ්‍යයන අංශයේ අධිපති වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුද වේ.
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපති ලෙසද කටයුතු කළ ඔහු සිය වෘත්තීය තුළ කාර්යශූර අයකු ලෙසද හඳුන්වයි.

kemadasa

shungara

Back to top
Go to bottom