අචාර්ය උදන් ප්‍රනාන්දුගේ Not So Green pastures චිත්‍රපටය (2023) ලන්ඩනයේ දී තිරගත වූ පසු පැවති සාකච්චාවේ දී මම, මේ කතාවේ ස්ත්‍රීන් කොහොද ?
යන පැනය ඇසුවෙමි. එයට මට උදන් පිළිතුරු සැපයුවේ, කොළඹදී තිරගත වීමට නියමිත 'නන් අදර් දෑන්' (Nun Other Than) හි පුර්ව දර්ශණය මා වෙත එවමිනි.
සීතල සත්තැම්බරයේ ඉරු දිනක හවසක, එය නැරඹු මම, මෙය ලියා තබමි. ඒ විප්ලවවාදී සියළුම සිංහල, දෙමළ, මුස්ලිම් කතෝලික චිත්‍රාවන් වෙනුන් ආදරයෙන් සහ ගෞරවයෙනි. මෙම ලිවීම මම, කියවීමේ පහසුව වෙනුවෙන් අංශ හතරකට බෙදමි.
ලිපියෙහි පළමු කොටස වෙන්වෙනුයේ , Nun Other Than සිනමා රචනාවේ මුලික අන්තර්ගතය කෙටියෙන් විස්තර කිරීම වෙතය. එහිදී, කතා නායිකාව, ඇය සමඟ බැඳෙන සමාජ - දේශපාලන ව්‍යූහය සහ එම ව්‍යූහය නියෝජනය කරන බල සම්බන්දතා ස්වරුපය විස්තර කෙරේ. දෙවන කොටස වෙන්වෙනුයේ, චිත්‍රා හරහා ශ්‍රී ලංකාවේ විපල්විය දේශපාලනය විවේචනාත්මක ව කියවීමය. තෙවන කොටස වෙන්වන්නේ, චිත්‍රා ගේ නියෝජනය ගෝලීය විප්ලවීය දේශපාලනය වෙත ගෙන එමටය. ලිපියේ සමාලෝචනය සිව්වන කොටස තුළ දැකිය හැකිය.
කවුද මේ චිත්‍රා : අවුරුදු 21ක් වන නාඹර තුරුණු වියේ දී, තමන් දුටු, ඉතාමන් ශෝබන, කාරුණික, පරහිතකාමී, ආගමික විශ්වාසයක් වෙනුවෙන් කැපවූ ස්ත්‍රීන් කණ්ඩායමක් වූ කතෝලික මෙහෙණින්වහන්සේ ලා දැක, ඔවුන්ගේ සාමාජ සේවය වෙනුවෙන් සිත පහදවා ගත් ස්ත්‍රියකි චිත්‍රා. චිත්‍රා ගේ මෙම ඇලීමේ ප්‍රතිපලය නම්, ඇය කන්‍යා සොයුරියක ලෙස, කතෝලික මඩමක පැවදි ජිවිතයට එළඹීමයි.
එම පැවිදි ජිවිත ගමනේ දී, ඇයට අභිමුක වන අවස්ථා හරහා, දැන හඳුනා ගන්නා තරුණ විප්ලවවාදී දේශපාලන නියෝජනයේ දිගුව නම්, කන්‍යාරාමයේ ගීතිකා හි පද පේළි ගැයීම වෙනුවට හුදී ජනයාගේ නිදහස වෙනුවෙන් විමුක්ති ගී නම් වාමාංශික සන්ධාන වේදිකාවේ ගී ගැයීම තෝරා ගන්නා තරුණියකි. නිල් පැහැති කන්‍යාරාම නිල ඇඳුමෙන් සැරසී කතෝලික ආරාමයෙන් පිටව යන ඇය ධවල සාරියෙන් සැරසී , මනහර උච්ච ස්වරුපයෙන් විමුක්තිය වෙනුවෙන් ගී ගයන්නියක වන්නී. එම ජිවන යාත්‍රාවේදී , "නොමඟ ගිය තරුණ " ජිවිත සමඟ එකතුව, වැඩකරන පන්තියේ දේශපාලන විඥානය සමඟ අනන්‍ය වන ඇය, තමන්ගේ පැවැත්මේ යුක්ති යුක්තභාවය ප්‍රශ්න කරනුයේ, උදාන් චිත්‍රපටයේ අපට අසන්නට සලසන මෙම වදන් පෙලනි "අපි පස් වේලක් ජයට කාල, හොඳට සැපට ඉන්නකොට , අර ගැහැණු ළමයි ගල් උඩ විනාස වෙන්නේ මොන වරදක් කරලා ද ?".
උදන් ගේ ස්ත්‍රීවාදී දේශපාලන විඥානය, චිත්‍රා හරහා මා පළමු වතාවට හඳුනා ගන්නේ මෙම ප්‍රකාශනය සමඟිනි. එනම්, ස්ත්‍රී දේශපාලන විඥාන සාමුහිකත්වය, පංති සහ ආගමික අනන්‍යතා දේශපාලනය ඉක්මවා යා හැකි බව, පළමු වතාවට පැහදිලිව පෙන්වා දීමෙනි. විප්ලවීය දේශපාලනය තුළට තමන් ව ගෙන යන චිත්‍රා, එහි දී හඳුනා ගන්නා ලයනල් බෝපගේ සමඟ පසුව විවාහ වන්නේ, මුලින් ඇය මනාපව තෝරා ගත් කතෝලික මෙහෙණින්වසන්සේ ස්වරුපය අත්හරිමිනි. මේ අත්හැරීම, චිත්‍රා ගේ සහෝදරයා විසින් හඳුන්වා දෙනු ලබන්නේ "විප්ලවීය " තෝරා ගැනීමක් ලෙසය. එම අර්ථගැන්වීම තව දුරටත් තහවුරු කරගත හැකි වන්නේ, එවක පැවති අවකාශ දේශපාලනය සැලකීමෙනි; ස්ත්‍රියක් මුලින්ම තම රුචිකත්වය මත, තම මවගේ තෝරා ගැනීම වෙනුවට, පරාර්ථකාමී සේවාවක් වෙනුවෙන්, කතෝලික පැවදිභාවයට පත් ව, පසුව, එම පරාර්ථකාමිත්වය පුළුල් දේශපාලන අවකාශයක් වෙත ගෙන යාම වෙනුවෙන්, උප-වැදී වන්නේ, කිසිදු ආරක්‍ෂිත සමාජ ජාලයක් නොමැතිවය. මේ කරුණු සැලකීමේ දී , නිතැතින්ම පැවදි වීම මෙන්ම උපවැදී වීම ද ස්ත්‍රියට විප්ලවයකි. විශේෂයෙන් ම එම තෝරාගැනීම, පරාර්ථකාමී දේශපාලනයක් වෙනුවෙන් සිදුවන විට.
ජනතා විමුක්ති පෙරමුණු හිටපු මහා ලේකම් කෙනෙකු වන, ලයනල් බෝපගේ සහෝදරයා සමඟ විවාහ වීම , ගැන චිත්‍රා හදුන්වා දෙන්නේ මෙලෙසිනි ; "මම ලයනල් දැකලා ගිහින් ඇඟේ එල්ලුනා නේමේ". තමන්ගේ සිතට පැමිණෙන ප්‍රේමනීය හැඟීම ප්‍රකාශ කිරීමේ සිට, විවාහ වී දරුවන් ලැබෙන තුරුම, චිත්‍රා ගේ කතා වේ මා දුටුවේ, ස්ත්‍රියක් තමන්ගේ භාවාත්ම ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමේ දී කොතරම් සම්මුතින් සහ පාර්ශව සමඟ කටයුතු කළ යුතු වේද යන්න සහ එයින් පෙනීයන ස්වාධිනත්ව විරුද්ධාභාශයයි . ලයනල් ගේ දේශපාලන තීරණ, ඔහුගේ සිරභාරය ට ගැනීම, ජනතා විමුක්ති පෙරමුණ අත්හැරීම සහ එය චිත්‍රා ගේ කතෝලික ආගම් පසු බිමේ කුමන්ත්‍රණයක් ලෙස අර්ථකථනය කිරීම හරහා , චිත්‍රා ගේ ස්වායක්ත ස්ත්‍රී නිරුපනය අභියෝගයට ලක්වීම තව දුරටත් හඳුනා ගත හැකිය.
මෙකී මුලික කියවීම, ලිපියේ දෙවන කොටස සමඟ හොදින් බැඳේ. එනම් ශ්‍රී ලංකාවේ විපල්විය දේශපාලනයේ ඓතිහාසිකව සහ වර්තමානයේ ද පවතින එකරුපි පුරුෂ මුලික ඒකාධිකාරී බවය. චිත්‍රා ගේ විමුක්ති ගීතිකා ගායනය, ජවිපෙ හිටපු නායක, රෝහණ විජේවීර ට පෙනීයන්නේ, බටහිරකරණ ගීතිකා ආරක් මිස, ස්ත්‍රියක්, පවතින- තමාවෙත සමාජය පවරා දුන් රුපයෙන් පිටට විත්, රාජ්‍ය විසින් මර්ධනයට ලක්කර, තහනම් කරණය කළ වේදිකාවක සිට, පිඩනයෙන් දෛනික ජීවිතය තුළ බැටකමින් සිටින ජනයා ගේ හර්දසාක්ෂිය අවධි කර ඔවුන් සවිබල ගැනීමේ ව්‍යයමයක් ලෙස නොවේ. එම නොසලකා හැරීම බරපතළ දේශපාලන ශෝකාන්තයකි. චිත්‍රා හුදු ස්ත්‍රියක් පමණක් ම නොව, ඇය සුළු ජාතික ආගමක නියෝජනයක් ද වේ. මේ නියෝජනය, එම අවධියේ දී සළකනු ලබන්නේ, බටහිර කුමන්ත්‍රණකාරී දේශපාලන නිරුපනයක් ලෙසය. එම බෙදා වෙන්වීම, දෙමළ ජාතික ප්‍රශ්නයේ දී එදා මෙන්ම 2006 , මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නගා, උතුරට ෂෙල් ප්‍රහාර වැඩි කළයුතු ව පැවති බවට සහයෝගය දුන් අමානුෂික යුධ මෙහෙයුමක් වෙත අනුබල දීම දක්වාම පැවතුණි . ශ්‍රී ලංකා වේ විප්ලවීය දේශපාලනයේ පංති කතිකාවේ දී , ස්ත්‍රිය මෙන්ම සුළු ජනයා මඟහැර දැමීම පිලිබඳ පැහැදිලිම සාක්ෂිය නම්, චිත්‍රා ගේ අනන්‍යතා දේශපාලනය යොදා ගෙන, ලයනල් ජනතා විමුක්ති පෙරමුණෙන් පිටවීම, කුමන්ත්‍රණයක් ලෙසට නම් කිරීමය.
චිත්‍රා ගේ ආඛ්‍යානය ආසියාවේ මෙන්ම බටහිර ද ඇතුලත් ගෝලීය විප්ලව දේශපාලනය ව්‍යාපාරයන් ගේ ගැටළුවකි. Sheila Rowbotham - විප්ලවාදී ශාස්ත්‍රඥයා ගේ මතය නම්, විපලවාදී ව්‍යාපාර හි ස්ත්‍රීන් ගේ සහභාගිත්වය සහ නියෝජනය වෙනුවෙන්, එම ව්‍යාපාර නිරන්තරයෙන් ම විප්ලවීය මාවත වෙත පිවිසිය යුතුය. හුදෙක්, පංති විප්ලව අවසානව , වැඩකරන පංතිය බලය ලබා ගැනීමෙන්, ස්ත්‍රී පීඩනය අවසන් නොවේ. මන්ද, වැඩකර පංතිය ද ස්ත්‍රී පීඩනයේ අවකාශයක් වන හෙයිනි. එය අවසන් කිරීමට නම්, ස්ත්‍රී විමුක්තිය වෙනුවෙන් , විපල්වය නිරන්තරයෙන් සිදුවිය යුතු බව Rowbotham පෙන්වා දෙන්නේ, ප්‍රංශ විප්ලවයේ ස්ත්‍රී නියෝජනය සලකමිනි. මෙය ශ්‍රී ලංකා වේ විප්ලවීය දේශපාලනයට ද අදාළ වන බව චිත්‍රා පැහැදලිව පේනවා දෙයි. තමා විසින් ම තෝරා ගත් රසවත් පැවදි ජිවිතයක් අතහැර දමා, පිඩිත ජනයා ගේ පරාර්ථය වෙනුවෙන්, විවිධ වේශ ගෙන, රහසිගතව, තමන්ගේ හර්ධ සාක්ෂිය සමඟ ද අරගල කරමින්, විමුක්ති ගී ගැයුමට වේදිකා ගත වන ස්ත්‍රී ආඛ්‍යානය, විප්ලවවාදී නිල ඉතිහාසයෙන් මඟ හැර, ඇයගේ ගීත ගායනය බටහිර උරුවක් ලෙස ට පමණක් ලගු ගන්නේ, Rowbotham පැවසූ ලෙසම, ශ්‍රී ලංකා වැඩකරන පංතියේ ස්ත්‍රී පීඩන අවස්ථා ව හොඳින්ම පැහැදිලි කරමින්.
මම මෙම ලිපිය මෙසේ අවසන් කරමින් ස්තුතියි අචාර්ය උදන් ප්‍රනාන්දු, විප්ලවීය ඉතිහාසයක් මෙතුවක් කල් ලිවීම නොසලකා හරි ස්ත්‍රීගේ විප්ලවීය දේශපාලන විඥානය අනාවරණය කිරීම ගැන. චිත්‍රා, ඔබට ස්තුතියි, විප්ලවවාදී දේශපාලනයේ නිරත ස්ත්‍රීන් ගේ මුලික පරමාර්ථය යනු පීඩිතයා සමඟ එකතුව විමුක්තිය සෙවීම බවත් ඒ වෙනුවෙන් මුලින්ම පෞද්ගලික දේශපාලන අවකාශයේ ද, පසුව පොදු විමුක්ති දේශපාලන අවකාශයේ දී විප්ලවීය විය යුතු බව පෙන්වා දුන්නාට.
රතු විප්ලවීය දේශපාලන සාකච්චා ව හුදෙක්ම, ශාස්ත්‍රීය ව්‍යායාමයක් පමණක් නොව, එය දෛනික ජිවිත අරගල හරහා ජනතා ව විසින් ගොඩ නගන ක්‍රියාවලික් බව උදාන්, නැවත නැවත මතක් කර දීම, මේ සිනමා රචනාව පුරාම මම දුටිමි. එම විප්ලවාදී දේශපාලනයේ දී ස්ත්‍රීය සහ සුළු ජාතික ස්ත්‍රිය නිරත වන ද්විත්ව අරගලය හඳුනා ගැනීම ට, උදන් ට හැකිවීම, මා විසින් කියවනුයේ, උදන් ක්‍රමික ව ස්ත්‍රීවාදී විඥානය වෙත ළඟාවන බවය. ආදරයෙන් විවිධ අපසුතා මැද ගොඩනැගී නිවහන ද විකුණා, මුහුදු හතකට එහා නනාදුනන භූමියක, දරුවන් ද රැගෙන, විවිධ සැකසංකා සමඟ, ජිවිතය රැක ගැනීමට ගිය විප්ලවීය චිත්‍රාවන් ගේ අආඛ්‍යානයක් නොමැති අපට විප්ලවීය ඉතිහාසයක් ගැන කතා කළ හැකිද ?
[නන් ආදර දෑන් චිත්‍රපටය විනාඩි 90 කි, සිංහල හා ඉංග්‍රීසි බසෙන් වන අතර ඉංග්‍රීසි උප සිරැසි අඩංගු ය. එම චිත්‍රපටය සැප්තැම්බර් 27 සිට කොළඹ වන් ගෝල් ෆේස් හී පිහිටි පීවීආර් සිනමා හලේ දිනපතා තිරගත වේ.]
ආචාර්ය අරුණි සමරකෝන් - The Leader