lan englan tam

පුවත්

ලංකාවේ සංස්කෘතිය පැරීසියට පෙන්වන 'ප්‍රංශයේ නිහඬ අපි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික සංස්කතිකාංගවලට මුල් තැන දෙමින් ශ්‍රී ලාංකික අභිමානය ලොවටම විදහා දක්වන 'ප්‍රංශයේ නිහඬ අපි' තරුණ සංවිධානය - සංවිධානය කළ ශ්‍රී ලාංකික මෙගා සංස්කෘතික උත්සවයක් හා ප්‍රසංගයක් පසුගියදා පැරීසියේ කලාප අංක 20 හී පිහිටි ස්ටාර්ලින්ගාර්ඩ් චතුරශ්‍රයේදී ප්‍රංශයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ හා දෙමාපියන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් දල්වා මඟුල් ඛෙර වාදන මධ්‍යයේ ඉතාමත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

ප්‍රංශයේ ඉපැදී මෙහිදී මූලික හා උසස් අධ්‍යාපනය හදාරා විවිධ අංශයන්හී උපාධි හිමිකර ගනිමින් එයට සමාන්තරව විවිධ ක්ෂේත්‍රයන්හී රැකියාවල නිරත වෙමින් අපේ නව පරපුරේ දු දරුවන් විසින් මෙවැනි උත්සවයක් ඉතාමත්ම සාර්ථක අයුරින් පැවැත්වීම අපි අගේ කොට සැලකිය යුතු කාර්යයක් බව සඳහන් කිරීම වටී. එවැනි දරුවන් විශාල පිරිසක් එකතු වී පිහිටුවා ගත් ප්‍රංශයේ නිහඬ අපි තරුණ සංවිධානය විසින් ඉහත උත්සවයේ සංවිධාන කටයුතු වල මූලිකත්වය ගෙන කටයුතු කළේය.
එදින උත්සවයේදී ශ්‍රී ලාංකික සංස්කෘතිය විදහා දැක්වෙන උඩරට, පහත රට නර්තනයන් සංස්කෘතික සංදර්ශන, බතික් නිර්මාණ, ගි‚කෙලි නර්තන, සංගීත ප්‍රසංග, ශ්‍රී ලාංකීය ආහාර පාන අතුලත් ප්‍රදර්ශන කුටි යනාදියෙන් අංග සම්පූර්ණවූ ශ්‍රී ලාංකික මෙගා ෆෙස්ටිවල් සංස්කෘතික උත්සවය උදේ 10 සිට රාත්‍රී 08 දක්වා පැවැත්වීය.
පැරීසියේ ඩේසි නර්තන කලායතනයේ දරුවන් විසින් සංස්කෘතික ප්‍රසංඟයට සහභාගීවු අතර පැරීසියේ සංගීතවේදී අජිත් මහවාසල ඇතුළු බැලැක් බොක්ස් (ඹ්ලcක් ඹොx) කන්ඩායම විසින් සංගීත ප්‍රසංඟය පැවැත්වීය.
ප්‍රසංගය පැවැත්වීම සඳහා නිත්‍යානුකූලව ඉහත ස්ථානය ලබා දීමට කටයුතු කල ආදරයට පැරීසියේ ග්‍රාම සේවක ලෙස කවුරුත් අමතන පුෂ්පසිරි ද අල්විස් ට ස්තුතිය පිරි නමන බව නිහඬ අපි තරුන සංවිධානයේ සියල්ලෝම පැවසුවෝය.

සුනිල් ආනන්ද - පැරීසියේ සිට

Back to top
Go to bottom

Popular News