lan englan tam

පුවත්

රන්ජන් මැතිවරණයට එන්නේ සුබාස්කරන්ගේ පක්ෂයෙන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ ලයිකා මොබයිල් හිමිකරු සුබාස්කරන් අලිරාජාගේ හිමිකාරීත්වය ඇති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් බව පැවසේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ද සහභාගි වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වූ අතර අදාළ දේශපාලන පක්ෂයෙන් මැතිවරණයට තරඟ කිරීම සඳහා රන්ජන් සමග ජනප්‍රිය හා දේශපාලන පසුබිමක් ඇති පිරිසක් එක් වී සිටින බවද පැවසේ.
කෙසේනමුත්, මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රජා අයිතිය අහෝසි වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව පැවසුවද රන්ජන්ට යළි ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලීමට බාධාවක් නොවන බව මේ වන විට තහවුරු වේ.

රන්ජන් රංගනයෙන් දායක වීමට නියමිත විජය කුමාරතුංග චරිත කතාවේද නිෂ්පාදකවරයා වන්නේ සුභාස්කරන් බව පසුගිය කාලයේ තහවුරු විය.

kemadasa

shungara

Back to top
Go to bottom