lan englan tam

පුවත්

හිරුණිකාගේ සැමියා ඊළඟ චිත්‍රපටයේ මගේ සැමියා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශෙලන් මුණසිංහ මෑතකදී Mirror Arts යූටියුබ් නාලිකාවේ අලුත්ම විශේෂාංගය Mirror Mirror සංවාදය සමග එක් වූවාය.

සිය ජීවිතයේ ඉලක්කගත ආශාව වූයේ සිනමා නිළියක් වීම මිස ටෙලි නිළියක් වීම නොවන බව ශෙලන් එහිදී වැඩසටහන් පූරක දිනිත ජයරත්න හමුවේ පවසන්නීය.
තමන් රඟපෑමට බලාපොරොත්තු වන චරිත වෙනස් බව පවසන ශෙලන්, ලබන වසරේ 'ලෝක මව්වරුන්ගේ දිනයේදී' එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක පෙනී සිටින්නේ එවන් වෙනස් චරිතයක් වෙනුවෙන් බව එම සංවාදයේදී පැවසූවාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සැමියා වන හිරාන් යටෝවිට චිත්‍රපටයේ සිය සැමියාගේ භූමිකාව හොබවන බවද ශෙලන් වැඩිදුරටත් සංවාදයේදී ප්‍රකාශ කළාය.

kemadasa

shungara

Back to top
Go to bottom