lan englan tam

පුවත්

කම්බිලි දින 75 පසුකරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රසාද් කළුපහන විසින් අධ්‍යක්ෂණය කඅරන ලද "කම්බිලි" චිත්‍රපටයේ 75 වන ජයග්‍රාහී දින සැමරුම පසුගිය 22 වන දිනට යෙදී තිබුණි.

චිත්‍රපටය මේ වන විටත් දිවයින පුරා සිනමා ශාලා රැසක සාර්ථක ලෙසින් ප්‍රදර්ශනය වෙමින් පවතී.
දේශපාලනඥයන්ගේ තිත්ත ඇත්තත්, සුදු ඇඳගත් සමාජ සේවකයන්ගේ කළු ජීවිත පිළිබඳවත් විවරණයක යෙදෙන කම්බිලි චිත්‍රපටයේ අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සුජානි මේනකා, දේව් සුරේන්ද්‍ර, සමිත සුදිශ්වර ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් ඔපවත් වී ඇත.
මෙහි ගීත ගායනයෙන් යෞවනයේ හද බැඳ ගත් සේනානායක වේරලියද්ද, කාංචනා අනුරාධි, බාචි සුසාන්, රයිනි චාරුකා, ඉෂාන් ලන්ත්‍රා, ගයාන් ගුණවර්ධන හා ටෂ්නි පෙරේරා යන ශිල්පීන් දායකව ඇත. 'කම්බිලි' නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

kemadasa

shungara

Back to top
Go to bottom