lan englan tam

පුවත්

'දුයිශෙන්' නම් උතුම් මානවකයා දකින්න ළඟදීම....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කරන ලද 'ගුරු ගීතය' මේ මසදී (ඔක්තෝබරයේදී) තිරගතවීම් ඇරඹීමට නියමිත බව අධ්‍යක්ෂවරයා විසින් පසුගිය දිනෙක දැනුම් දෙනු ලැබූ අතර එය නුදුරේම ඒ අනුව සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා කටයුතු යොදා තිබේ.

කසකස්ථානයේ යුරෝෂියා සහ මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනයට අවස්ථාව ලැබූ 'ගුරු ගීතය' චිත්‍රපටය අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමාපටය වන අතර ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.
රොෂාන් රවීන්ද්‍ර, දමයන්ති ෆොන්සේකා, හයිසින්ත් විජේරත්න, ලංකා බණ්ඩාරනායක, ගාමිණී හෙට්ටිආරච්චි, කල්පනි ජයසිංහ මෙහි චරිත සඳහා රංගනයෙන් දායක වන අතර මෙහි රූගත කිරීම් නේපාලයේදී සිදු කරනු ලැබ තිබේ.
රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතය නවකතාව පාදක කොටගෙන තැනුණු චිත්‍රපටයක් වන මෙය සෝවියට් සමූහාණ්ඩුවේ සේවය ලබා ඉගෙනුමෙන් අගතැන්පත් වන පඬිවරියකගේ සහ එම සෝවියට් අදහස් මත සිය ජීවිතයම ගෙන යමින් ඒ උදෙසාම තමන් කැප කළ 'දුයිශෙන්' නම් උතුම් මානවකයාගේ ජීවිත ගැන කියන අති සංවේදී කතාවකි.

Back to top
Go to bottom

Popular News