lan englan tam

පුවත්

'පරසතු මල්' විචාර තරම් හරවත් නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමා ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් ම වෙන් වූ සිනමා පාසලක් නැත.

අසීරුවෙන් හෝ ගොඩනගාගත්, පවත්වාගෙන යන එවන් අධ්‍යයන මධ්‍යස්ථානයක සිනමාව හදාරණ විද්‍යාර්ථින් හට තමන්ට අවශ්‍ය සිනමා නිර්මාණයක් නැරඹිය හැකි සිනමා සංරක්ෂණාගාරයක් ද නැත.

එවන් පසුබිමක් යටතේ අවම වශයෙන් හෝ ලාංකීය සිනමාව පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වී තිබෙන්නේ අතක ඇඟිලි ප්‍රණය නොඉක්මවූ සිනමා විචාරකයින් මෙන් ම සිනමා සාහිත්‍යකරණයේ නියැළෙමින් සිටින පිරිසකගේ නොපසුබට උත්සාහය හේතුවෙනි.

එබඳු සිනමා විචාරක සහ සිනමා සාහිත්‍යකරණයේ යෙදුණ සහ වර්තමානයේ ද යෙදෙමින් සිටින පුද්ගලයකු ලෙස ගුණසිරි සිල්වා හැඳින්විය හැකි ය.

ඔහු විසින් රචිත ‘‘ප්‍රතිරූප’’ නමැති සිනමා සාහිත්‍ය කෘතිය පළමු වරට නිකුත් වන්නේ 1992 වසරේ දී ය. මේ 2024 වර්ෂය යි; එදා මෙදා තුර වසර 32ක් ගෙවි ගොසිනි. එලෙස ගෙවී ගිය තිස් දෙවසරකට පසුව ‘‘ප්‍රතිරූප’’ කෘතියේ පුනර් මුද්‍රණයක් මේ වන විට සිනමා සාහිත්‍යට පෙම් බඳින පාඨක ප්‍රජාව වෙනුවෙන් ජනගත කර ඇත.

leader T V ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග මේ සතියේ එක්වන්නේ යට සඳහන් කළ සිනමා විචාරක, ලේඛක, ජනමාධ්‍යවේදී ගුණසිරි සිල්වා ය; ඒ ඔහු විසින් මීට තිස් දෙවසරකට ඉහත ප්‍රකාශයට පත් කළ ‘‘ප්‍රතිරූප’’ කෘතියේ පුනර් මුද්‍රණය නිමිති කරගනිමින් ඔහු සමග කළ සාකච්ඡාවක් සමග ය.

සටහන - ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News