මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් උනේ උදාරි වර්ණකුලසූරිය යි.
ලංකාවේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ඇය මේ දවස් වල නම් ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන 'දේවි කුසුමාසන' චිත්‍රපටයේ ඇය රංගනයෙන් එක් වන ‘කුසුමාසන දේවිය” ගේ චරිතයත් සමගයි.
උදාරි මේ වෙන කොට සිනමාව සහ පුංචි තිරය යන අංශ දෙකේම එක විදිහට සිය රංගන කුසලතාවය පෙන්වන නිළියක් විදිහට හඳුන්වන්න පුළුවන්.
උදයකාන්ත වර්ණසූරිය ගේ “පායා එන්න හිරු සේ” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ඇය චන්දික විජයසේනගේ 'බොඳ මීදුම්' ටෙලි නාට්‍යය හරහායි ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙන්නේ.
ඒ වගේම මේ වෙන කොට ඇය ජනප්‍රියතම නිළිය වගේම හොඳම නිළිය විදිහටත් ලංකාවේ ප්‍රධාන සම්මාන උළෙලවල් කිහිපයකදීම සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා.
ඉතින්, මෙවර 'Mirror Arts' කතා බහේදී උදාරි සිය රංගන ජීවිතය ගැන බොහෝ දේ කතා බහ කළා.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ආදරණීය මවක්, බිරිඳක්, දියණියක් වන ඇය සිය ජීවිතයේ රස මුසු තැන් ද සංවාදයේදී බෙදා හදා ගත්තා.
සංවාදයේදී ඇය පළ කල ඇතැම් අදහස් වලින් ඇගේ ජීවිතාවබෝධය හොදින්ම පැහැදිලි වෙනවා.
උදාරි -: “මම මේක කිසිම තැනකදී ප්‍රසිද්ධියේ කියලා නෑ.
මම වෘත්තීමය රංගන ජීවිතයේ හිටියත් 'ඇක්ෂන්' , 'කට්' වෙන එකට මම අකමැතියි. ඒ කියන්නේ මම තවකෙක් කියද්දි 'action' වෙන්නත් තවකෙක් කියද්දි 'cut' වෙන්නත් ආයේ මම 'මම' වෙන්නත්, ඒකට මම අකමැතියි.
අර කිවුවා වගේ කාලයත් එක්කම හුදකලා වේවි. මම ඒක අගය කරනවා. එහෙම උනා කියලා මට දොස් කියන්නත් එපා ඉතින්..."
ඉතින් මේ කතාව වගේම ඇය සහභාගී වූ සම්පූර්ණ සංවාදය දැන් ඔබට 'Mirror Arts' යූ ටියුබ් නාළිකාව හරහා නරඹන්න පුළුවන්.
පහතින් දක්වලා තිබෙන්නේ එම වීඩියෝවයි.
සංවාදය මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම්




