මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් වූයේ කවිඳු මධුෂාන්.
කවිඳු කියන්නේ ලංකාවේ ඉන්න තරුණ දක්ෂ නර්තන ශිල්පියෙක් වගේම නර්තන නිර්මාණකරුවෙක්.
ඔහු තමන්ගේ නර්තන කණ්ඩායම ‘namaste creation’ සමග එකතු වෙලා ලංකාවේ බොහෝ නර්තන නිර්මාණ සදහා සිය දායකත්වය ලබා දෙනවා
මේ දවස්වල ලංකාවේ අතිශය ජනප්‍රිය කාංචනා අනුරාධි ගයන ‘රඟනා’ ගීතයේ music video එකේ නර්තන නිර්මාණකරු වෙන්නෙත් කවිඳු මධුෂාන්.
ඒවගේම තමයි මේ දිනවල ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වන “වීදුරු තිර” ටෙලි නාට්‍යය හරහා ඔහුව රංගන ශිල්පියෙක් විදිහටත් ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුලුවන්.
ඉතින් මෙවර ‘mirror arts’ කතා බහේදී කවිඳු තමන්ගේ නර්තන ගමන්මග ගැන බොහෝ දේ කතා කළා.
හරිම අව්‍යාජ විදිහට ඔහු තමන් ආදරය ගැන, ජීවිතය ගැන, තමන්ගේ වෘත්තීය ගමන් මග ගැන දකින විදිහ ගැන අදහස් පළ කළා.
ඉතින් මේක තරුණ නර්තන නිර්මාණකරුවෙකුගේ කතාවක්.
‘Mirror arts’ යූ ටියුබ් නාලිකාව හරහා මෙහි සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට නරඹන්න පුළුවන්.
කතාබහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්
පහතින් දක්වා තිබෙන්නේ සංවාදයේ සම්පූර්ණ වීඩියෝවයි.




