lan englan tam

විඩියෝ ගැලරිය

“මම දැන් ජීවත් වෙන්නේ ප්‍රේමය තුළ කිසිවක් බලාපොරොත්තු වෙන්නැතුව” - වොල්ගා කල්පනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් වූයේ වොල්ගා කල්පනීයි.

ඇය ලංකාවේ තරුණ, දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

කුඩා කල සිටම රූපවාහිනි ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අවස්ථාව හිමි කර ගත් ඇය පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසෙන අතර  මේ වන විට රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටිනවා.

පසුගිය කාලයේ විකාශය උන ‘මාණික්කාවත’ ටෙලි නාට්‍යයේ ඇය රංගනයෙන් එක්වූ “ගුණාදරී” වැනි චරිත හරහා චරිතාංග නිළියක් ලෙස සිය දක්ෂතාවය වඩාත් ප්‍රකට කළ ඇය සම්මාන උළෙලවල් කිහිපයකදීම ඇගයීමට ද ලක් වූවා.

ඉතින්, මෙවර 'mirror arts' කතා බහට එක් වෙමින් ඇය සිය රංගන ජීවිතයේ අත්දැකීම බෙදා හදා ගත්තා.

කෙසේ වෙතත් මේ කතා බහ ඇගේ රංගන ජීවිතය පිළිබඳව කතා බහකට පමණක් සීමා උනේ නෑ.

ප්‍රේමය, විවාහය, කාන්තාව, ජීවිතය වගේ විවිධ මාතෘකා ගැනත් සංවාදයට එක් උන වොල්ගා කල්පනී මේ හැම දේකටම සිය ජීවිතාවබෝධය ඇසුරින් උත්තර ලබා දුන්නා.

වොල්ගා කල්පනී - “කලා ක්ෂේත්‍රයට හැදෑරීමක් නැතුව එන්න පුළුවන් ආයේ යන්න පුළුවන් හැබැයි ඉන්න අමාරුයි”

“වැරදිච්ච මිනිස්සු තමයි හරියටම අවවාද දෙන්න දන්නේ”

“මම ජීවත් වෙන්නේ මගේ ළග ඉන්න අය වෙනුවෙන්’

“ප්‍රේමය කියන්නේ වේදනාත්මක අත්දැකීමක්”

“මම දැන් ජීවත් වෙන්නේ ප්‍රේමය ඇතුළේ කිසිවක් බලාපොරොත්තු නොවී”

මේ රසවත් කතා බහේ සම්පූර්ණ වීඩියෝව ඔබට දැන් ‘mirror arts’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නරඹන්න පුලුවන්.

සංවාදය මෙහෙය වූයේ මනෝහාරී හේවාවසම්

පහතින් දැක්වෙන්නේ සංවාදයේ සම්පූර්ණ වීඩියෝවයි>>>

 

kemadasa

shungara

Back to top
Go to bottom