lan englan tam

විඩියෝ ගැලරිය

සමීර විරවර්ණ ගයන මවකගේ, බිරිඳකගේ, සහෝදරයෙක්ගේ “කඳුළු හිනැහුණ” ඒ සත්‍ය කතාව මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායන ශිල්පී සමීර වීරවර්ණ විසින් ගයන ඔහුගේ අලුත්ම ගිත නිර්මාණය “කඳුළු හිනැහුණ ඒ කතාවේ”  නිකුත් කොට තිබෙනවා.

මෙරට යුද්ධය පැවති කාලසීමාවේ සංවේදී කතා පුවතක් ඇසුරිනුයි මෙම ගීතය නිර්මාණය වී තිබෙන්නේ.

මෙම ගිතය නිකුත් කරමින් සමීර වීරවර්ණ විසින් සිය මුහුණු පොත හරහා සටහනක් ද එක් කොට තිබුණා.

පහතින් දැක්වෙනේ එම සටහන සහ ගීතයේ වීඩියෝවයි.

(උපුටා ගැනීම)

“1997 අලිමංකඩ සටනේදී ඇතිවූ සිදුවීමක් අශ්‍රිතව නිර්මාණය කරන ලද මෙම “කඳුළු හිනැහුණ කතාව” එම රණවිරුවන්ට ද 2009 මැයි 18 දක්වා රට වෙනුවෙන් සිය ඡීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු, ප්‍රාණ ඇපකරුවන් ලෙස දුක් විඳපු, ඡීවිතය කැප කරපු සහ අතුරුදහන් වූ සියළුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා.

1997.01.09 දින නිවාඩු ලබා පැමිණියත්, හදිසි කැඳවීමක් ලැබී එක් දිනක් ඇතුළත නැවතත් තම ආදරණීයයන් ගෙන් සමුගෙන යුධ පෙරමුණට එන රණවිරුවෙක් සහ සිය පුතා, ස්වාමියා, සහෝදරයා නැවත කවදා ගම්බිම් කරා පැමිණේදැයි නොදැන ඒ අවස්ථාවට සිත දැඩි කරගෙන මුහුණ දෙන මවකගේ, බිරිඳකගේ, සහෝදරයෙක්ගේ “කඳුළු හිනැහුණ” ඒ සත්‍ය කතාව අද සිට ඔබට ගෞරවයෙන් පිළිගන්වමි.”

 (වීඩියෝව නරඹන්න මෙතනින්)>>

සටහන උපුටා ගැනීම 'Sameera Weerawarna' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom