ලාංකීය සිනමාවේ වම් ඉවුරේ තුන් වෙනියා ලෙස ලෙස විරුධාවලියට පාත්‍ර වූයේ ධර්මසිරි බණ්ඩාරනායකයි.
හංස විලක් (1980), තුන් වෙනි යාමය (1983), සුද්දිලාගේ කතාව (1984), භව දුක (1997), භව කර්ම(1997) ඔහුගේ ප්‍රධාන චිත්‍රපටයන්ය.
- ලංකාවේ 80 දශකයේ සිට ප්‍රධාන ධාරාවේ සිනමාවත්, කලාත්මක සිනමාවත් අතර ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාව ස්ථාන ගත කළ හැකි ස්ථානය කුමක්ද?
- ධර්මසිරිගේ ආත්මීයත්වයට නැඹුරු වූ සිනමාව
- ධර්මසිරි බණ්ඩාරණායකයන්ගේ චිත්‍රපට සදහා ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත නිර්මාණය හා සම්මත ආඛ්‍යානය බිදීම
පහත දැක්වෙන රේඩියෝ වැඩසටහන හරහා සිනමා විචාරක බූපති නලින් විසින් ධර්මසිරි බණ්ඩාරණායකගේ සිනමාවේ මෙම කරුණු පිළිබඳව ප්‍රධාන වශයෙන් විමසා බලනවා.
ධර්මසිරි බණ්ඩාරණායකගේ මුල් චිත්‍රපට නිර්මාණය වී වසර 40 ට වඩා ගත වී ඇති මුත් අදටත් බොහෝ ගැඹුරු විචාර සංවාද නිර්මාණය වෙමින් සාකච්ඡාවට බඳුන් වන ධර්මසිරි බණ්ඩාරණායකගේ සිනමාව පිළිබඳ විමසා බැලීමකි මේ.
(මෙම ‘සිනමාලංකාරය’ වැඩසටහන 2025 ජූලි 29 දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ විකාශය විය.)
වැඩසටහනට සවන්දෙන්න මෙතනින්>>




