එළඹෙන ආගෝස්තු මාසයේ සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීමට නියමිත ‘නීරා’ චිත්‍රපටයේ අලුත්ම ගීතය එළිදක්වා තිබෙනවා.
‘නීරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘ආදරණීය ප්‍රාර්ථනා’, ‘විසල් ආදරේ’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට තිළිණ කල වාසව බදුගේ විසින්.
ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්දි, සෙනිත් ගජවීර, පියුමාලී එදිරිසිංහ වැනි නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධයක්ෂණය යසස් මැදගෙදර විසිනි.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ අලුතෙන්ම නිකුත් වූ අලුත්ම ගීතයයි.




